දේශීය පුවත්

විදෙස් උපාධිය ලබා ඇති හාරදහස් අනූහයදෙනකු දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන, සමාජයීය හා ආගමික සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමු වී ඇත.

මෙම උපාධිධාරීන් හදාරා ඇති විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන ඊට සරිලන කාර්යයන් පැවරීම සිදු කෙරේ.

උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහනට අනුව ඉල්ලුම්කර ඇති විදේශ උපාධිධාරීන් සඳහා පත්වීම් ලබා දීමට ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි ප්‍රකාශ කරයි.

ඒ අනුව විදේශ උපාධිධාරීන් සඳහා රැකියා ලබාදෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබීම හේතුවෙන් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි. විදේශ උපාධිධාරීන්ගේ උපාධි පසුබිම සම්බන්ධව තොරතුරු රැස් කිරීම සඳහා ගූගල් පෝරමයක් හඳුන්වා දී ඇත. එම පෝරමයෙන් විමසා ඇති තොරතුරු ද සම්පූර්ණ කර මෙම මස 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර යොමු කළ යුතු බවද ලේකම්වරයා අවධාරණය කර ඇත. මෙය රාජ්‍ය ආයතනයක සේවා අවශ්‍යතාවක් සඳහා සිදු කරනු ලබන තොරතුරු රැස් කිරීමක් පමණක් බවද ඔහු අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More