දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ​ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More