දේශීය පුවත්

අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මළ සිරුරකින් මෙම ජෙව සාම්පල ලබාගෙන ඇත. පසුව පසුගිය 9 වැනිදා පී.සී.ආර්. පරීක්ෂණයකට එම සාම්පල් යොමුකර තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ මළ සිරුරේ කොවිඩ් වයිරසය ඇති බවයි.

73 හැවිරිදි අයෙකුගේ මෘත දේහයක් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත. කොවිඩ් වැලඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම මෘත දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මළසිරුර රැගෙන යාමට රෝහලට නොපැමිණ ඇත. එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබී ඇත.

එහිදී තෙවැනි වතාවටත් මළ සිරුරෙන් ගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ. එහිදී මෙම තත්ත්වය තහවුරු වී ඇත.

පසුව පසුගිය 9 වැනිදා රෝහල් බලධාරීන් මෙම මෘත දේහය ආදාහනය කිරීමට කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More