ක්‍රීඩා පුවත්

තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මාසයක නිහඬතාව බිඳිමින් කියා ඇත්තේ පසුගිය දිනවල තම පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය නිසා ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසනීයත්වය දිනාගැනීමේ අවස්ථාවට නැවත වරක් මුහුණ දිය හැකි බවයි.

ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හී පැවති තුන්වැනි ටෙස්ට් තරගය අතරතුරදී පන්දුව පළුදු කිරිමේ චෝදනාවට ලක්වූ ඕස්ට්‍රේලියානු නායක ස්ටිව් ස්මිත්, උප නායක ඬේවිඩි වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් යන ක්‍රීඩකයෝ තරග තහනමකට ලක් වූහ. මුහුණ දුන් අර්බුදයෙන් මිදීම සඳහා සිය පවුලේ අය සමගින් විදේශගත වූ ස්මිත්, අප්‍රේල් මස මුල් සතියේ සිටම කොතැනක සිටිනවාද යන්න කිසිවකුට දැනගත නොහැකි විය.

“නැවතත් ඕස්ට්‍රේලියාවට එන්න ලැබීම කදිමයි. සෑම දෙයක් සදහාම හුරුවීමට යම් කාලයක් ගත වුනා. ඕස්ට්‍රේලියානුවන්ගේ විශ්වාසනීයත්වය නැවත ලබා ගැනීමට මට කාලය ඇවිත් තියෙනවා” යයි ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් තබමින් ස්මිත් කියා තිබිණ.

“මම කළේ බරපතළ වැරැද්දක්. මම දැන් එහි ප්‍රතිවිපාක දන්නවා. එය නායකයෙකුගේ දුර්වල වීමක්” යැයි ස්ටිව් ස්මිත් තව දුරටත් පවසා තිබිණ.

“මගේ අම්මා, තාත්තා සහ ඩැනී (බිරිඳ) ඔයාලා තමයි මගේ ශක්තිය. ලෝකයේ තියෙන වැදගත්ම දෙය තමයි පවුල කියන ඒකකය. ඔයගොල්ලන් මට දැක්වූ ආදරයට සහ සහයෝගයට මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා” යැයි ස්මිත් පවසා තිබිණ.

කේප් ටවුන්හී සිදුවූ මෙම නීති විරෝධි ක්‍රියාව නිසා ස්ටිව් ස්මිත්ට හා උප නායක ඬේවිඞ් වෝනර් හට අවුරුද්දක තරග තහනමක් පනවන ලදි. කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස 9ක තරග තහනමක් පැනවීමට ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

2010 වර්ෂයේ පකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් ස්මිත් වර්තමානයේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ රුදී සිටී. තරග තහනමට ලක් වන විට ටෙස්ට් තරග 64 කදී ලකුණු 6199 ක් ලබා සිටින ස්මිත් 61.37 ක සාමාන්‍යයක් රඳවා ගෙන ඇත. එක්දින තරග 108 කදී ශතක 8ක් සහ අර්ධ ශතක 19ක් සමග ලකුණු 3431 ලබා සිටින ස්මිත් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 18 වන ස්ථානයේ රැදී සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More