දේශීය පුවත්

2017 අගෝස්තු 21 දා අරලියගහ මැඳුරේදී එවකට සිටි අග්‍රාමාත්‍යවරයා හමු වී එන ගමන් සිදු කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යැයි චෝදනා ලැබ වසර හතරක බරපතළ සිර දඬුවම් හිමි වූ රන්ජන් රාමනායකට පැය කිහිපයක් තුළ මන්ත්‍රීකම ඇතුළු සියල්ල අහිමි විය. දැන් ඔහු හිරේය.එහෙත් ඔහුට සිරගත වෙන්නට පාර කැපූ ,එම ප්‍රකාශය කරන්නට මඟ පෙන්වූ තැනැත්තා රන්ජන් වෙනුවෙන් ප්‍රකාශයක් හෝ නිකුත් කළේ නැත .ඒ ඔහුගේ හැටිය.

රන්ජන්ට සිර දඬුවම් හිමි වූ අවස්ථාවේ තමන් සමග සිටි නීතිඥයෙකු ගේ දුරකථනයෙන් රන්ජන් තමන්ට අත් වූ ඉරණම ගැන රන්ජන්ට එදා උපදෙස් දුන් තැනැත්තාට දැනුම් දෙනු ලැබ ඇත. ඊට රන්ජන් ට ලැබුණු ප්‍රතිචාරය ඉතාම උදාසීන වූවකි. රන්ජන් බෙහෙවින් දුකට පත්ව දුරකථනය තැබීය. ඉන්පසු රන්ජන් හිරගෙදරට ගිය අතර උපදේශකයා කොළඹ 7 සුවෙන් සිටී.

මේ උපදේශකයා දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ ඇති කිරීමට වඩා නැති කිරීමට නම් දැරූවෙකි. නමින් ඔහු සිංහයෙකි. නමේ ඉතිරි කොටස සිතා ගැනීම ඔබට භාරය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More