දේශීය පුවත්

උතුරු පලාතට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උතුරු පලාතේ පවුල් දහසකට ආසන්න පුද්ගලයින් 3000 කටආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ නිළධාරී කාර්යාලය පවසයි.

කිළිනොච්චියේ බොහෝ ගම්මාන හරහා වැටී ඇති අතුරු මාර්ග ඔස්සේ යුධ හමුදා නිළධාරීන් බෝට්ටු ධාවනය කරන ආකාරයක් 12 දින කිළිනොච්චියේදී දක්නට ලැබුණි.

අධික වර්ෂාව නිසා කිළිනොච්චියේ ගම්මාන කීපයක් ජලයෙන් යට වී තිබූ අතර ඉරණමඩු ජලාශයේ වාන් දොරටු දාහතරම එකවර විවෘත කොට තිබිණි. ගම්මාන කීපයක් ජලයෙන් යට වී මිනිස්සු සිය නිවෙස්වලට කොටු වී සිටියහ.

විපතට පත් වූ ජනතාව බේරා ගැනීමට යුධ හමුදාවට ද අතුරු මාර්ග ඔස්සේ ගමන් කිරීමට නොහැකි අන්දමට මාර්ග ජලයෙන් යටවී තිබීම නිසා යුධ හමුදාව බෝට්ටුවල ආධාරයෙන් ගොස් ගංවතුරට කොටු වී සිටි ජනතාව බේරා ගෙන තිබේ.

වර්ෂාව හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ වන අතර කිලිනොච්චියේ කණ්ඩාවලෙයි, කරච්චි, පූනකරී, සහ පච්චිලයිප්පලිල් ප්‍රදේශයන්හි පවුල් 550 කට ආසන්න පුද්ගලයින් 1600 කට අධික පිරිසක්ද පීඩාවන්ට පත්ව ඇති බවට වාර්තා වෙයි.

එමෙන්ම යාපනයේ පේදුරුතුඩුව, චාවකච්චේරි, සන්දිලිප්පායි, උඩුවිල්, නල්ලූර්, මරදන්කේනී සහ කෝපායි යන ප්‍රදේශයන්හීද පවුල් 400 කට ආසන්න පුද්ගලයින් 1200 ක් පමණ පීඩාවන්ට පත්ව ඇත.

කෙසේ වෙතත් කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය හේතුවෙන් පහත් බිම් යටවීමේ අවධානමක් පවතින බැවින් මේ වන විටත් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කාර් යාලය, යුධ හමුදාව සහ ආපදාකලමනාකරණ නිලධාරීන් යොදවා ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම සහ ඔවුන්ට ආහාරපාන ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමට පියවර ගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More