එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ලෙස පාලිත රංගෙ බණ්ඩාර, සභාපති ලෙස වජිර අබේවර්ධන, උප සභාපති ලෙස අකිල විරාජ් කාරියවසම්, උප සභාපතිවරුන් ලෙස සාගල රත්නායක, අනෝමා ගමගේ ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව නිළධාරීන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත්කර ගැනීම ඊයේ (13) දින සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු වී තිබේ.
පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන් තවදුරටත් එම තනතුරුවල කටයුතු කරන අතර, නීති ලේකම් ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ද, භාණ්ඩාගාරික ලෙස ඒ. එස්. එම්. මිස්සාන් මහතා ද පත්ව සිටිති.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සඳහා හිටපු මන්ත‍්‍රීවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, චම්පිකා පේ‍්‍රමදාස, කරුණාසේන කොඩිතුවක්කු, ආශු මාරසිංහ යන මහත්වරුන් ඇතුළු හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇති අතර, රවී කරුණානායක මහතා නව තනතුරක් ලබාගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි නොවී පිටව ගිය බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩලය සඳහා ලබන සතියේ තවත් කිහිපදෙනකු පත්කර ගැනීමට ද මෙහිදී එකඟ වී තිබේ. පක්‍ෂයට ලැබුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සඳහා කිසිවෙකු පත්කර ගැනීමට මෙහිදී සාකච්ඡා වී නැත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...