දේශීය පුවත්

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සංචාරකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද (13) පැවති හමුවකදී කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ,

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තයෙන් ජීවත්වන පවුල් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් සිටින බවත් සෞඛ්‍ය නීති රිති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව සංචාරකයින් ගෙන්වීමට ඉදිරියේ දී කටයුතු කරන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා,

“ඇත්තටම අපේ රටේ සම්පූර්ණයෙන්ම සංචාරක කර්මාන්තය තුළ ජීවත්වන, ඒවායින් පවුල් නඩත්තුකරන, දරුවන්ට උගන්වන, දරුවන්ට කන්ඩ දෙන අයවලුන් මං හිතන්නේ ලක්ෂ 3කට වැඩියට ඉන්නවා. ඉතින් එතකොට පසුගිය වසර තුලම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා තිබුණ නිසා මේ සියලුම පවුල් අනාථවෙලා ඉන්නේ. මෙතනදී රජයේ අවධානය යොමු වුණා. නැවත සංචාරකයින්ට මනා සෞඛ්‍ය නීති රිති යටතේ යම්කිසි ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික මේ සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කරන්න අවශ්‍යයි කියලා. එකෙන් ප්‍රථමයෙන්ම කරපු දේ තමයි යුක්‍රේන ජාතිකයින්ට ලංකාවට එන්න සලස්සවපු එක. මෙතනදී අඩු පාඩුවක් වුණා. එක අපි හැමෝම පිළිගන්න ඕනේ. නමුත් ඉතින් වැඩක් කරන්න ගියාම අඩුපාඩු සිද්ධවෙනවා. නමුත් ඒ අඩුපාඩු දැන් හඳුනාගෙන ඒ අඩුපාඩු නැවත සිද්ධ නොවෙන විදියට සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංචාරකයින් ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More