විනිශ්චිතතා සහිතව ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට නොඑලඹෙන ලෙසත් හොඳ ත්‍රස්තවාදීන් සහ නරක ත්‍රස්තවාදීන් යනුවෙන් දෙකොටසක් නොමැති බවත් ඊයේ (12) දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
හොඳ හා නරක ත්‍රස්තවාදීන් සිටින බවට පවසන අයට වෙනත් න්‍යාය පත්‍රයක් ඇති බවත් ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින්නන් ද වැරදිකරුවන් බවත් ඒ මහතා පවසා ඇත.
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ සිද්ධීන් හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා නීතිමය රාමු, ක්‍රියාකාරී රාමු සහ තාක්‍ෂණික විශේෂඥතාවයන් ඇතැම් රාජ්‍යයන්ට නොමැති බවත් ත‍්‍රස්තවාදයට ආධාර කිරීම සහ සහාය දීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තවත් අය ත්‍රස්තවාදීන්ට මූල්‍ය ආධාර සහ ආරක්ෂිත ස්ථාන සපයන බවටත් ඔහු චෝදනා කර සිටියේය.
ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා රාජ්‍යයන්ට සහය විය යුතු අතරම ත්‍රස්තවාදීන්ට සහය දක්වන්නන්ට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ත්‍රස්තවාදය යුක්ති සහගත කිරීමටත් ත්‍රස්තවාදීන් උත්කර්ෂයට නැංවීමටත් ඉඩ නොදිය යුතු බවත් සියලුම සාමාජිකයන් ත‍්‍රස්ත මර්දන ක්‍රියාවලිය සම්බන්ධව සිය වගකීම් ඉටු කළ යුතු බවත් ජයිශංකර් මහතා අවධාරණය කරනු ලැබ ඇත.
ඩ්‍රෝන යානා, අතථ්‍ය මුදල් සහ කේතාත්මක සන්නිවේදනයන් ඇතුළු නැගී එන තාක්ෂණයන් වෙත ප්‍රවේශය ලබා ගනිමින් ත්‍රස්ත කණ්ඩායම් මෑත වසරවලදී ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ඇති බවත් තරුණ තරුණියන් රැඩිකලීකරනය මෙන්ම සංවිධාන වලට බඳවා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාලයන් ද දායක වී ඇති බවත් පවසන අමාත්‍යවරයා ත‍්‍රස්තවාදය සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ අතර සම්බන්ධතා සම්පූර්ණයෙන් හඳුනාගෙන දැඩි ලෙස විසඳිය යුතු බව තව දුරටත් අවධාරණය කර සිටී.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...