වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි වෘත්තීය සමිති නියෝජිතයෝ සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී නිලධාරීහු සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවට එක්ව සිටියහ.
එහිදී ජනාධිපති තුමා සඳහන් කළේ,නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කරණු ලැබුවේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව බව සඳහන් කළේය. ඒ අනුව ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපති තුමාගේ විග්‍රහයට අනුව නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වන අතර 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය.
ඒ අනුව ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ සම්බන්ධව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ට එතුමා පැවසා සිටියේය .එහිදී එතුමා සමිති ප්‍රධානීන්ට දන්වා සිටියේ සියළු වෘත්තීය සමිති එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරණ ලෙසයි.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...