ආර්ථිකය ඝාතනය කිරීමේ ක්‍රියාවලියේදී සියලු දේශපාලන පක්ෂ සිටින්නේ එකම තැන නමුත් දේශපාලනයේදී විවිධ හැඩතල පෙන්වීමේදී ජනතාව ඒවාට රැවටී සර්පයින් රෙද්ද අස්සේ දමාගෙන අවසානයේදී කනවෝ, කනවෝ කියා කෑ ගසන බවත් මෙම දුර්දාන්ත ක්‍රියාවළියට තිත තැබීමට දැන් කාළය පැමිණ ඇති බවත් නැගෙනහිර ජැටිය සුරැකීමේ සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා පැවසීය.
මෙම සංවිධානයේ විශේෂ ලක්ෂණය වන්නේ වරාය වෘත්තීය සමිති 23ම එකාවන්ව ඒකාබද්ධ වෙමින් මෙම සටන ජයග්‍රහණය කරා ගෙනයෑමට අධිෂ්ඨාන කරගෙන තිබීම බවත් ඉන් නොනැවතී වරාය ඉන්ජිනේරුවන් ඇතුලු නිළධාරීන් විසින් මෙම නැගෙනහිර ජැටිය ලාභ සහිතව පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා රජයට ඉදිරිපත් කර තිබීම ද මෙම සටනේ ජයග්‍රහණය පිළිබඳ සුභවාදී පෙරනිමිති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
වීඩියෝව මෙතනින්: https://www.facebook.com/1725085184437036/videos/450400109325885
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...