දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් මහතා දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් නිදහස් කර තිබේ.

සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතා ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්වී වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වනදා ඔහුට ඇප නියම විය.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් මහතා ඉදිරියේදී අදාළ නඩුව පසුගිය සදුදා (11) මඩකලපුව මහාධිකරණයේදී විභාගයට ගැණුනු අතර නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම්දීමෙන් අනතුරුව අධිකරණය දැනුම්දුන්නේ අද දින (13) නඩු තීන්දුව දෙන බවය.

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසින්ගම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කරන ලද්දේ රාත්‍රී දේවමෙහෙය අතරතුරදීය.

සිද්ධිය සම්බන්ධයෙන් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් මහතා සමඟ සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකුද අද නිදහස් කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More