දේශීය පුවත්

නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ප්‍රියන්ත ප්‍රනාන්දු සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඉදිරිපත්කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අභියාචනාධිකරණය නියෝග කළේ සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් වාර්තා කරන ලෙසත්ය.

2020 ජනවාරි මස කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතර තුර නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කිරීම තුළින් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත්කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More