දේශීය පුවත්

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකු තුළින් හඳුනාගෙන ඇති බවයි.

වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේ විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධනය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ සිට මෙරටට පැමිණ සිටි අදාළ පුද්ගලයා හඳුනාගත් බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා ,
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් අපේ රට තුළින් හඳුනාගන්නා කොවිඩ් -19 ආසාදිතයින්ගේ වෛරසයේ ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳව දිගින් දිගටම අධ්‍යනය කරනවා. ඒ අනුව මෑතකදී විදේශවල සිට පැමිණි අය විශේෂයෙන්ම අපි අවධානය යොමු කර ඔවුන්ගේ ජාන සංයුතිය හඳුනාගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ අවස්ථාවේ එංගලන්තයේ සිට පැමිණි එක් අයෙකුගේ වෛරසය එංගලන්ත නව ප්‍රභේදය බවට හඳුනාගෙන තිබෙනවා. අපි දැන් දන්නවා මේ අවදානම අපේ රට තුළට තිබෙනවා. ඒ නිසා විදේශ රටවල සිට පැමිණෙන අය ගැන විශේෂ අවදානය යොමුකළ යුතුයි. මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝග උත්සන්නවීම් අඩු වුවත් රෝගය වේගයෙන් පැතිරෙන්න පුළුවන් නිසා රෝගීවන රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්.” වෛරස් ආසාදනය විශාල වශයෙන් පැතිරෙන්න ගත්තොත් අපේ සෞඛ්‍යය පද්ධතියට දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්.මේ වෛරසය අපේ රට තුළට ඇතුළුවීමට තිබෙන ඉඩකඩ අවම කිරීමට අපි උපරිම උත්සාහය ගත යුතුයි” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More