දේශීය පුවත්

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පරිසර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේරුවාවිල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ඛනිජ නිධියේ පවතින රත්තරන් ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා මීට මාසයකට පමණ පෙරදී “ඇමෙයිකා” නමැති සමාගමක් සඳහා තම ආයතනය මගින් ගවේෂණ බලපත‍්‍රයක් නිකුත් කළ බව භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීහු පවසා සිටියහ.

එහිදී එම නිළධාරිහු වැඩිදුරටත් පවසා සිටියේ මෙම සමාගම කැනේඩියා-ශ‍්‍රී ලංකා අනුබද්ධ සමාගමක් බවත්, සේරුවාවිල නිධියේ වර්ග කිලෝමීටර් හයක වපසරියක් තුළ මෙම බලපත‍්‍රයට අනුව ඔවුන්ට සමීක්ෂණ කටයුතු සිදු කළ හැකි බවත්ය.

මාධ්‍යයවේදීන්ට වැඩිදුරටත් පිළිතුරු දෙමින්, ගවේෂණ බලපත‍්‍ර ලබාගෙන සමීක්ෂණ කටයුතු සිදු කළද ඔවුන්ට කැණීම් බලපත‍්‍ර අනිවාර්යයෙන් ලබා දිය යුතු බවට නීතියක් නැති බව අවධාරණය කළහ. මෙම අවස්ථාවට පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ඇතුළු පිරිසක්ද සහභාගි සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More