දේශීය පුවත්

පෙර කලක තමන් විසින් “දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර” ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව “දියසෙන් කුමාරයා” ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි?; 11වන දින රාත්‍රී ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ ජා.නි.පෙ. නායක විමල් වීරවංශ කර්මාන්ත අමාත්‍යවරයාගෙන් “පා.ච. රණවක මන්ත්‍රීවරයා ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?” යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා පෙරලා ප්‍රශ්ණ කර සිටියේය.

මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජා.නි.පෙ. නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.

පා.ච. රණවක මන්ත්‍රීවරයා “විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා” යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More