දේශීය පුවත්

උදයංග වීරතුංග සිය නියෝජිත ආයතනයක් මගින් යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීමේ ව්‍යාපෘතිය ගැන ආණ්ඩුව සඳහන් කර සිටියේ ඔවුන් ලංකාවේදී ක්‍රියාත්මක වන්නේ “ජීව බුබුල” (Bio Bubble) ආකාරයට බවයි. ඒ අනුව එම යුක්රේන සංචාරකයින් මෙරටින් පිටව යන තුරු එම සංචාරකයින් සහ ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු කරන, ඔවුන්ට ආරක්ෂාව සපයන, මාර්ගෝපදේශනය ලබාදෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් මෙරට පුරවැසියන් සමග ආශ්‍රයක් සිදු නොකරන බවත්, එම ශ්‍රී ලාංකිකයන් පවා දින 14ක් නිරෝධායනයට යොමු කරන බවත් ආණ්ඩුව අවධාරණය කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ එම ප්‍රකාශයන් බොරු බවට පත්වුයේ යාල සංචාරයේදී එහි සෆාරි රියදුරන් මුහුණදුන් අත්දැකීම අනුවය. එවැනිම සිදුවීමක් (11) දින මහනුවරදී ද සිදුව තිබේ.

11 දින මහනුවර දළදා මාලිගාව නැරඹීමට ගිය යුක්රේන සංචාරකයින් දිවා ආහාරය සඳහා කුවීන්ස් හෝටලයට රැගෙන ගිය පසු දිවා ආහාරය හෝ නොමැතිව සිටි එම යුක්‍රේනියානුවන්ගේ ප්‍රවාහන සහ ආරක්ෂක කටයුතු භාර හමුදා නිලධාරීන් සහ රියදුරන්, අවට කඩවල්වලට යමින් එමින් සිය දිවා ආහාර ලබාගෙන ඇත. එම ආපනශාලා තුළ සාමාන්‍ය ජනතාව හා සේවකයන් ගැවසෙන අතර ඔවුන් අතර කොරෝනා පැතිරීමේ අවදානමක් මේ නිසා ඇතිව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More