නොර්වුඩ්, නිව්වැලී වත්තේ පිහිටි තේ කර්මාන්ත ශාලාවට යාබදව කාසල්රි ජලාශය ඉස්මත්තේ යුකෙලෙප්ස්ටික් වන වගා සහිත අක්කර 03 ක පමණ ඉඩම් කොටසක් සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල ලියකියවිල්ලක් ඇති බව පවසමින් දඹුල්ල ප්‍රදේශයෙන් තම වතු යායට අද (12) දින පැමිණි පිරිසක්, කාසල්රී ජලාශයට යාබදව පිහිටි ඉඩම මින් ඉදිරියට තමන්ට අයිති බව පැවසීමෙන් අනතුරුව තමන් ඒ පිලිබඳව වතු පාළන අධිකාරිය සහ නොර්වුඩ් පොලීසිය දැනුවත් කල අවස්තාවේ එසේ පැමිණි පිරිස පලා ගිය බව එම වතු යායේ වතු කම්කරුවන් පවසා සිටී.
එම වතුයායේ වැඩකරමින් සිටි වතු කම්කරුවන් ද තේ දළු නෙලීමේ කටයුතු නතර කර තම වතුයායේ ඉඩම් බේරා ගැනිම සඳහා එම ස්ථානයට පැමිණ සිටියහ.
ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයෙකුගේ පුර්ණ සහයෝගය ඇතිව කාසල්රි ජලාශයට යාබදව පිහිටි තම වතු යායට අයත් ඉඩම් පිටතින් පැමිණි පුද්ගලයන්ට අත්පත් කර ගැනිමට විවිධ අයුරින් කටයුතු කරන බවත්, වසර ගණනාවක් ඉඩම් කැබැල්ලක් හෝ නොමැතිව වතු නිවාස වල තවදුරටත් ජීවත් වන තමන් පිටතින් පැමිණෙන පුද්ගලයන්ට තම වතු යායේ තේ ඉඩම් අත්පත් කර ගැනිමට ඉඩ ලබා නොදෙන බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් පවසා සිටින්නේ.
රජයේ තේ වතු පුද්ගලික අංශය වෙත ලබා දීමේදී නොර්වුඩ් නිව්වැල් වත්තේ ඉඩම් ද වසර 99 බද්ධකට ලබාගෙන ඇති බවත්, එම ඉඩම් යලිත් බදු කාලය අවසන් විමෙන් පසු රජයට භාර දිමට තම වතු සමාගම කටයුතු කල යුතු බවත්, එවන් තත්ත්වයක් මත ව්‍යාජ ලියකියවිලි සකස් කර ගනිමින් තම වතු යායේ ඉඩම් අත්පත් කර ගැනිමට පිටතින් පැමිණෙන අයට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි, වතු කම්කරුවන් විරෝධය දැක් වු ස්ථානයට පැමිණ සිටි නොර්වුඩ් පොලිසියේ නිලධාරින් ද ඉදිරියේ නොර්වුඩ් වතු යායේ ජ්‍යෙෂ්ඨ සහකාර කලමණාකරු සුපුන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...