දේශීය පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකයේ දියුණුව දැකීමටත්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වනු දැකීම ඉන්දියාවට අවශ්‍ය දැයි නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් යයි “ශ්‍රී ලංකා ගාර්ඩියන්” අවධාරණය කර සිටියි.

“අපේ අසල්වැසියා සැබෑ පෙම්වතියක්ද? නැත්නම් වෙස්වළාගෙන සිටින කුහකයෙක්ද? ශ්‍රී ලංකාවේ භූදේශපාලනික පිහිටීම අනුව ලැබිය යුතු ප්‍රතිලාභ බොහොමයක් ලබා ගැනීමට ඉන්දියාව අවංකවම සහාය දැක්වූයේ ද යන්න සැක සහිතය”, ශ්‍රී ලංකා ගාර්ඩියන් සිය කතුවැකියෙන් පෙන්වාදී ඇත.

කතුවරයාට අනුව, ” දකුණු ආසියානු කලාපයේ කලාපීය බලය ලෙස ඉන්දියාව හඳුන්වා දෙන්නේ නම්, ඉන්දියාවට ඒ සමඟ එන වගකීම් රාශියක් ඇත. එම සියලු වගකීම්වලට වඩා, මූලික වගකීම වන්නේ කලාපයේ අනෙකුත් රටවල ස්වෛරීභාවය පිළිගැනීම හා ගරු කිරීම සහ එක් එක් ජාතික රාජ්‍යය තුළ අනුමත කර ඇති මූලික නීතිමය රාමුව අනුගමනය කරමින් ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි”.

“ඒ වෙනුවට අසල්වැසි රටවල ස්වෛරීභාවයට බලපෑම් කිරීම හා ඉන්දියානු ආශාවන්ට අනුව පාලනය සඳහා වන නියමයන් නියම කිරීම අප්‍රසන්න ය.”

ඉන්දීය විදේශ ඇමතිවරයා පසුගියදා මෙරට සිදුකළ සංචාරයේදී ඉදිරිපත් කළ අදහස් “ශ්‍රී ලංකා ගාර්ඩියන්” කතුවරයා විසින් දැඩිව විවේචනය කොට ඇත.

ඉන්දියාව විසින් ක්‍රියාත්මක කිරීම සඳහා බල කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසඳුමක් නොව පවතින තත්වය ව්‍යාකූල කිරීමට උත්සහ දැරීමක් බව කතුවැකිය පෙන්වා දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More