(මෙය ද ලීඩර් වෙබ් පුවත් අඩවිය තුළ පළ වූවක් වන අතර මෙමගින් ආණ්ඩුව තුළ අනවශ්‍යය ගැටුමක් නිර්මාණය කිරීමේ මෙහෙයුමක් දැයි සැක සිතන බව නම සඳහන් කිරීමට අකමැති වූ දේශපාලනයට සම්බන්ධ නීතිඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය.)
2015 ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂ ලද පරාජයෙන් “රාජපක්ෂවරුන්” දේශපාලනික වශයෙන් නන්නත්තාරව ගිය අවස්ථාවේදී, යලිත් රාජපක්ෂවරුන් දේශපාලන කරලියට රැගෙන ඒමට “මහින්ද සුළඟ” නමින් දේශපාලන මෙහෙයුමක් ආරම්භ කරමින් වසර කිහිපයක් තුල දී දේශපාලන බළය අත්පත්කර ගැනීමට දායක වූ විමල් විරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙකු විසින් නව දේශපාලන මෙහෙයුමක් ආරම්භකර ඇත.
ආණ්ඩුවේ විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට, මේ අලුත් මෙහෙයුමේ අපේක්ෂාව, ආණ්ඩුවෙන් දිනෙන් දින දුරස්වෙමින් යන “ජාතිකවාදී” බලවේගය තවදුරටත් තම කඳවුර තුල රඳවා ගැනීමයි.
එම වැඩසටහනේ ආරම්භයක් ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය 06දා මාධ්‍ය හමුවක් කැඳවූ එම පක්ෂයේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, “69 ලක්‍ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ” යයි ජනාධිපති ඇතුළු ආණ්ඩුවේ බලධාරීන්ට සිහිපත් කර සිටියේය.
“69 ලක්‍ෂයක ජනවරමේ බලාපොරොත්තුව මෙය නොවේ” යයි ජාතික නිදහස් පෙරමුණේ නායකයා මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා වෙත සිහිපත් කර සිටියේ, “මහින්ද සුළඟ” හරහා රාජපක්ෂවරුන් යළි දේශපාලන කරලියට ගෙන ඒමට තමා ඇතුළු පිරිසක් දැක්වූ දායකත්වය සිහිපත් කරවන ආකාරයෙනි.
බැසිල් රාජපක්ෂගේ ආගමනයත් සමග “මහින්ද සුළඟ” කණ්ඩායම මෙන්ම ජාතිකවාදී බලවේග කොන්වී ඇති තත්වය හමුවේ විමල්ලාගේ අභ්‍යන්තර දේශපාලන මෙහෙයුම බොහෝවිට බැසිල් විරෝධී ස්වරුපයක් ගනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...