* ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු ය.
* නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා
* ශී‍්‍ර ලංකාව (සිහලදීප) නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයකි.
* ජාතික ගීය ශී‍්‍ර ලංකා මාතා ගීය පමණක් වන බවට නියම කළ යුතු අතර එහි පරිවර්ථන ජාතික ගීය ලෙස සැලකීමත්,
එවැනි පරිවර්තන ජාතික ගීය වෙනුවට ගායනා කිරීමත් තහනම් කළ යුතුය.
පසුබිම
වසර 2500 කට වඩා අතීතයකට දිවයන අප ඉතිහාසය පුරා පැවැති රාජ්‍ය ක‍්‍රමය තුළ පැවැතියේ ජනතාව, රාජ්‍ය නායකයා හා භික්ෂූන් වහන්සේ යන ති‍්‍රත්වය සකී‍්‍රය මෙන්ම අඛණ්ඩ චක‍්‍රීය යාන්ත‍්‍රණයක පිහිටුවන ලද පාලන ක‍්‍රමයකි. එහිදී රාජ්‍ය නායකයා ප‍්‍රමුඛ රජය විසින් ජනතාව වෙත ඉටුකළ යුතු යුතුකම් ජනතා අපේක්ෂාවන් සංතෘප්තමත් වන ආකාරයෙන් ඉටු කිරීමට බැඳී සිටින ලදී. ඒ සඳහා භික්ෂුන් වහන්සේ විසින් ජනතාවත් ආණ්ඩුවත් අතර ශක්තිමත් හා අඛණ්ඩ අන්තර් සම්බන්ධීකරණයක් සිදුකළ අතර භික්ෂූන් වහන්සේ පෙරකී රාජ්‍ය යුතුකම හා වගකීම ඉටුකර වීමේ ගාමක බලවේගයක් ලෙස කි‍්‍රයාත්මක විය. එබැවින් ජනතාවත් රාජ්‍ය පාලකයත් අතර පැවැති සමාජ ගිවිසුම ඛණ්ඩනය නොවූ අතර එසේ වූ අවස්ථාවන් හිදී රාජ්‍ය නායකයාව නිවැරදි කරවීමට හෝ රාජ්‍ය නායකයා වෙත ලබාදී තිබූ අනුමැතිය අහෝසි කිරීමට නීතිමය බලයක් භික්ෂූන් වහන්සේට තිබුණි.
බටහිරින් ආනයනය කොට ආදේශ කරන ලද (අපට ආගන්තුක වූ) ඊනියා වත්මන් ව්‍යවස්ථා ආකෘතින් තුළ රාජ්‍ය පාලකයා විසින් ජනතාවගේ අපේක්ෂාවන්ට එරෙහිව කටයුතු කරනු ලබන අවස්ථාවලදී රාජ්‍ය නායකයා හා ආණ්ඩුව වෙත ජනතා අපේක්ෂාවන් හා අවශ්‍යතාවන් ඉටුකරන ලෙස බලකර සිටීමේ ව්‍යවස්ථාමය කි‍්‍රයාදාමයක් නොමැත. එහිදී ආණ්ඩුව විසින් ජනතාව සමග ඇතිකරගෙන තිබෙන ව්‍යවස්ථාමය ගිවිසුම කඩ කළ අවස්ථාවන්හිදී එම ගිවිසුම කි‍්‍රයාත්මක කරවා ගැනීමේ හැකියාවක් ජනතාවට නොමැත. එබැවින් මෙරට ජනතාවගේ සිතුම් පැතුම් අනුව බලාත්මක විය යුතු ස්වතන්තී‍්‍ර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු වන්නේ වසර දහස් ගණනක් තිස්සේ අප රටේ පැවැති ආණ්ඩුක‍්‍රම හා පරිපාලන මූලධර්ම හා ප‍්‍රතිපත්තීන් වත්මන් සමාජ තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට හැඩගස්වා ගැනීමෙන් බව සඳහන් කර සිටිමු. බුදුදහමින් පෝෂණය වූ ජාතික ආණ්ඩුක‍්‍රමයේ මූලිකාංග අතර විශේෂ වූයේ අයිතිවාසිකම් නොව යුතුකම් හා සමාජ වගකීම් ප‍්‍රමුඛ කොටගත් ක‍්‍රමවේදයකි. එහිදී රාජ්‍ය නායකයා රටේත්, ජනතාවගේත්, ස්වභාධර්මයේත් භාරකාරයා පමණක් වූ අතර රාජ්‍ය නායකයා ඇතුළු පාලකයන් තම කි‍්‍රයාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත වගවීමට හා වගකීමට බැඳී සිටින ලදී.
මෙහි පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ පෙර සඳහන් දේශීය ආණ්ඩුක‍්‍රම මූලධර්ම අන්තර්ගත වූ ශී‍්‍ර ලංකාවටම ආවේනික වූ ස්වතන්ති‍්‍ර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එතුමා විසින් ප‍්‍රතිඥා දී ඇති පරිදි සම්පාදනය වෙතැයි යන දැඩි විශ්වාසයෙනි. මෙම යෝජනා ඉතාම සංක්ෂිත්පව හා මූලික කාරණාවලට අදාළව පමණක් ඉදිරිපත් කරනු ලබන බවද සඳහන් කර සිටිමු. මෙම කාරණා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාචික කරුණු දැක්වීමක් ද ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙතැයි බලාපොරොත්තු වෙමු.
* යෝජනා
රාජ්‍ය ව්‍යුහය
1 වන ව්‍යවස්ථාව
දැනට භාවිතා වන ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ ශී‍්‍ර ලංකාව සිලෝන් යන නාමයෙන් ද හඳුන්වා තිබේ.
Article 1
Sri Lanka (Ceylon) is a Free, Sovereign, Independent and Democratic Socialist Republic and shall be known as the Democratic Socialist Republic of Sri Lanka.
දැනට පිළිගෙන තිබෙන සිලෝන් යන වචනයේ මූලය වන්නේ සිහලදීප හා හෙලදිව යන වචනයි (Ceylon>Zielan>Serandip>Sihaladipa>Heladiva) එබැවින් සිංහල පිටපතට ද දෙමළ පිටපතටද රටේ නම ලෙස සිහලදීප යන්න ඇතුළත් කරන මෙන් යෝජනා කර සිටිමු.
* යෝජිත 1 වන ව්‍යවස්ථාව
ශී‍්‍ර ලංකාව (සිහලදීප) නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයකි. ශී‍්‍ර ලංකාව (සිහලදීප) ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ. (ඉංග‍්‍රීසි වගන්තිය සිංහලට පෙරළීමේදී වාක්‍ය දෙකකට වෙන් කර දක්වා තිබේ).
* ඒකීය රාජ්‍ය හා රාජ්‍ය ආරක්ෂාව
(2 වන ව්‍යවස්ථාව)
ශී‍්‍ර ලංකාව ඒකීය රාජ්‍යයක්ව පැවතිය යුතුුය. ඒකීය රාජ්‍යයට පටහැනි වන ආකාරයේ සියලූ අණපනත් අවලංගු වූවා සේ සැලකිය යුතු බවට ව්‍යවස්ථාවෙන්ම පැණවිය යුතුය. ඒකීය රාජ්‍යය මූලධර්මයට එරෙව හෝ පටහැනිව කටයුතු කරනු ලබන සියලූ අය වරදකට වරදකරු විය යුතුය.
දැනට තිබන 6 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එන ලද 157 අ ව්‍යවස්්ථාවේ ප‍්‍රතිපාදන ඒකීය රාජ්‍ය ද ආවරණය වන පරිදි තවදුරටත් ශක්තිමත් කළ යුතුය.
මෙහි පහත සඳහන් කි‍්‍රයාවන් නීතිය මගින් දැඩි දඬුවම් පැමිණවිය හැකි බරපතළ වරද බවට පත් කළ යුතුය. (157අ වගන්තියට අදාළ සංශෝධන ගෙන ආ යුතුය)
(අ) දේශීයව හෝ ජාත්‍යන්තරව ඒකීය රාජ්‍ය අහෝසි කිරීමට හෝ ඒකීය රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීමට සෘජුව හෝ වක‍්‍රව කි‍්‍රයා කිරීම
(ආ) ජාතිවාදී හෝ වෙනයම් පදනමක් මත රටේ වෙනම ප‍්‍රදේශයක වෙනම ජනවර්ග සිටින බවට හුවා දක්වමින් භූමිය වෙන් කිරීමට හෝ රට තුළ වෙනම පාලන ප‍්‍රදේශ ඉල්ලමින් සෘජුව හෝ වක‍්‍රව කි‍්‍රයා කිරීම.
(ඇ) දේශය තුළ වෙනම රජයක් ඇති කිරීමට කි‍්‍රයා කිරීම ඇතුළුව දේශයේ භෞම්ක අඛණ්ඩතාවයට හානිවන කි‍්‍රයා කිරීම.
එම ව්‍යවස්ථාවේ පනවා තිබෙන දඬුවම් වලට ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම ද දඬුවමක් ලෙස ඇතුළත් කිරීමද යෝජනා කර සිටියි.
* පරමාධිපත්‍ය බලය (3 වන ව්‍යවස්ථාව)
ජනතාව සතු පරාමාධිපත්‍ය බලය පාවිච්චි කිරීමේ දී සෑම පුරවැසියකුම රටත් ජනතාවත් වෙනුවෙන් ඉටු කිරීමට බැඳී සිටින සියලූ යුතුකම් හා වගකීම් ඉටු කිරීමට බැඳි සිටිය යුතු බවට ව්‍යවස්ථාවෙන් නියම කළ යුතුය. ඊට ආනුශාංගික සංශෝධන 4 වන ව්‍යවස්ථාවට ද ඇතුළත් කරන ලෙස යෝජනා කර සිටියි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ශී‍්‍ර ලංකා දේශ සීමාවට යටත් සියලූම භූමිය, දේශීය ජල තීරය, ඉන් එපිට පිහිටි සමූද්‍ර ආර්ථික කලාපය, ජාත්‍යන්තර නීතියට අනුව ශී‍්‍ර ලංකාවට අයත් අහස ද එම සියලූ තැන්හී පිහිටි රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් හා පරිසර සම්පත් ද යටත් විය යුතු බවට පැණවිය යුතුය.
* දේශ සීමාව (5 වන ව්‍යවස්ථාව)
ශී‍්‍ර ලංකාවේ දේශ සීමාවට දේශීය ජල තීරයෙන් සීමා වන දිස්ති‍්‍රක්කවලට පමණක් සීමා කිරීම වෙනුවට ජනතාවගේ පරමාධිපත්‍ය බලය බලාත්මක වන වපසරිය වන ශී‍්‍ර ලංකාවට අයත් සියලූම භූමිය, දේශීය ජල තීරය, ඉන් එපිට පිහිටි සමූද්‍ර ආර්ථික කලාපය හා එහි පිහිටි දූපත් ද, ජාත්‍යන්තර නීතියට අනුව ශී‍්‍ර ලංකාවට අයත් අහස හා අභ්‍යවකාෂයේ ඇති චන්ද්‍රිකා රැඳවුම් ස්ථානද ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කරන ලෙසට යෝජනා කර සිටිමු.
* ජාතික ගීය (7 වන වගන්තිය)
ජාතික ගීය ශී‍්‍ර ලංකා මාතා ගීය පමණක් වන බවට නියම කළ යුතු අතර එහි පරිවර්ථන ජාතික ගීය ලෙස සැලකීමත්, එවැනි පරිවර්තන ජාතික ගීය වෙනුවට ගායනා කිරීමත් තහනම් කළ යුතුය.
* බුද්ධ ශාසනය හා බුද්ධාගම (9 වන වගන්තිය)
දැනට ඇති 9 වන වගන්තිය ඒ ආකාරයෙන්ම තැබිය යුතු ය. ව්‍යවස්ථාව මගින් 9 වන වගන්තියට බලාත්මක බාවයක් ලබා දිය යුතුය. ඒ සඳහා මෙහි පහත යෝජනා ඉදිරිපත් කර සිටියි
(අ) බුද්ධ ශාසනය නිර්වචනය කිරීම (2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභාව විසින් යෝජිත නිර්වචනය- එයට බෞද්ධ ඉතිහාසයට හා සංස්කෘතියට සම්බන්ධ පුරා වස්තූන් යන්න එකතු කර ඇත)
තථාගතයන් වහන්සේ, නවලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝරත්නය, විහාරාංග සහිත විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්ථාන, බෝධි වෘක්ෂ, ස්ථුප, සෙල් ලිපි, පිළිමගෙවල්, ධාතු මන්දිර, බණ පොත් හා පුස්තකාල, උපෝසඨාඝාර, විහාරස්ථාන සන්තක කෙත්වතු හා දේපොල, බෞද්ධ අධ්‍යාපනය, දේවාලය, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව, බෞද්ධ සාහිත්‍යය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය, බෞද්ධ ඉතිහාසයට හා සංස්කෘතියට සම්බන්ධ පුරා වස්තූන් බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුද සිරිත්, බෞද්ධ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම යන මේ අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ ශාසනය නමින් හඳුන්වනු ඇත.
(ආ) 9 වන වගන්තිය උල්ලංඝනය වන ආකාරයේ කිසිදු නීතියක් පැණවීම හෝ කි‍්‍රයාත්මක කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කළ යුතුය
(ඇ) යම් පරිපාලන හෝ විධායක කි‍්‍රයාවක් මගින් හෝ යම් තැනැත්තෙකු විසින් කරනු ලබන කි‍්‍රයාවක් මගින් 9 වන වගන්තිය උල්ලංඝනය වන අවස්ථාවක එය අධිකරණය මගින් වළක්වාලීමට හා 9 වන වගන්තිය අධිකරණය මගින් එකී කි‍්‍රයාව කරනු ලබන තැනැත්තාට හෝ ආයතනයට එරෙහිව කි‍්‍රයාත්මක කර ගැනීමට අයිතිය සෑම පුරවැසියකුටම ව්‍යවස්ථාව මගින් ලබා දිය යුතුය.
(ඈ) 9 වන වගන්තිය මගින් අර්ථ ගන්වන බුද්ධ ශාසනය ශී‍්‍ර ලංකාව පුරා ස්ථාපිත කර තිබෙන වගට අනු ව්‍යවස්ථාවකින් ප‍්‍රකාශ කළ යුතුය.
* මූලික අයිතිවාසිකම්
මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයට ජනතවගේ හා පාලකයන්ගේ මූලික යුතුකම් හා වගවීම් ද ඇතුළත් කර ඒවා කි‍්‍රයාත්මක කරවා ගැනීමේ ක‍්‍රමවේදයක් ද පැණවිය යුතු ය. සියලූ ජනතාව එකම නීතියකට යටත් විය යුතු අතර ආගම හෝ වෙනත් ජාතිවාදී පදනමක් මත පදනම් වූ ප‍්‍රාදේශීය හෝ පුද්ගලික නීති සෑදීම ව්‍යවස්ථාවෙන්ම වැළැක්විය යුතුය.
මූලික අයිතිවාසිකම් යන්නට (අ) සෘජු අයිතිවාසිකම් හා (ආ) යුතුකම් පදනම් කරගත් අයිතිවාසිකම් යනුවෙන් වර්ග දෙකක් යෝජනා කර සිටියි. එම පරිච්ෙඡ්දයට මෙහි පහත සඳහන් අයිතිවාසිකම් ද ඇතුළත් කරන ලෙස යෝජනා කර සිටියි.
(අ) ශී‍්‍ර ලංකාව විදේශ රටක් හෝ ආයතනයක් සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර ගිවිසුම් හා ඒවායේ අන්තර්ගත කරුණු, ශ‍්‍රී ලංකාව අත්සන් තැබීමට අපේක්ෂා කර සිටින ජාත්‍යන්තර සම්මුති හා ප‍්‍රඥප්ති හා ඒවායේ අන්තර්ගත කරුණු, එම ගිවිසුම්වල හා සම්මුති ප‍්‍රවර්ධනය කරනු ලබන හෝ හඳුන්වා දෙනු ලබන අය පිළිබඳ සියලූ තොරතුරු පූර්වයෙන් දැන ගැනීමට සෑම පුරවැසියකුටම අයිතියක් තිබිය යුතු ය.
(ආ) ශී‍්‍ර ලංකාවේ දේශ සීමාව තුළ (එනම් භූමිය, සමුද්‍රය හා අහස) පිහිටි සියලූ ස්වභාවික සම්පත්, සත්ව හා ශාක ගෝලය අයත් ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ද ඒවාට හානි කරනු ලබන හෝ අවභාවිතා කරනු ලබන අයකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද අයිතිය සෑම පුරවැසියකුටම තිබිය යුතු ය.
(ඇ) රජයක් විසින් ජනතාව වෙත ඉටු කිරීමට බැඳී සිටින ජාතික ප‍්‍රතිපත්ති හා මූලික යුතුකම් ඉටුකරවා ගැනීමට අයිතියක් සෑම පුරවැසියකුටම තිබිය යුතු ය.
(ඈ) සමාජයේ පොදු සෞඛ්‍ය තත්ත්වයට හා ආරක්ෂාවට හානියක් නොවන පරිදි දේශීය වෛද්‍ය ක‍්‍රමයකින් ප‍්‍රතිකාර ගැනීමට ඇති අයිතිය.
(ඊ) පුද්ගලයකු සම්බන්ධයෙන් සංචිත කරනු ලබන ජීව දත්ත හා පෞද්ගලික තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා අදාළ තැනැත්තාගේ කැමැත්ත නොලබා විදේශ රටකට සම්පේ‍්‍රෂණය කිරීම වළක්වාලීමේ අයිතිය.
(උ) ශී‍්‍ර ලංකාවට ආවේනික වූ ගස්වර්ග, ඖෂධ, ජීව විශේෂ ආදිය ද ශී‍්‍ර ලංකාවට අයත් පෞරාණීක නිර්මාණ, දැනුම හා සම්පත් සම්බන්ධයෙන් විදේශ ආයතන හෝ පුද්ගලයන් විසින් අයිතිය කියා පෑම සම්බන්ධයෙන් එරෙහි වීමට ඇති අයිතිය.
* යුතුකම් පදනම් කරගත් අයිතිවාසිකම්
(අ)සෑම රාජ්‍ය නිලධාරියකු ප‍්‍රතිපත්ති සම්පාදකයකු රාජ්‍ය නායකයකු හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු විසින් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බවට නීතිය මගින් විධානය කර තිබෙන හෝ ජනතාව වෙත පොරොන්දු වී තිබෙන යුතුකම් හා වගකීම් අධිරණය මගින් ඉටුකරවා ගැනීමේ අයිතිය.
(විධායක හෝ පරිපාලන කි‍්‍රයාවකට සීමා නොවූ සමාජ යුතුකම පදනම් කරගත් අයිතිවාසිකම)
(ආ) පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු වෙනුවෙන් එම තැනැත්තා විසින් දරනු ලබන සමාජමය තත්ත්වය ධූරය සේවය හෝ නිලය මත ඉටුකළ යුතු යුතුකම් ඉටුකරවා ගැනීමේ අයිතිය හා එසේ නොකිරීම මත වන්දි ලබා ගැනීමේ අයිතිය (එවැන්නක් ඉටු කිරීම පැහැර හැරීම වරදක් කළ හැකිය)
* භාෂාව
ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව විය යුතු ය.
ශී‍්‍ර ලංකාව පූරා බලපැවැත්වෙන පරිපාලන භාෂාව සිංහල විය යුතු ය. උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව ලෙස දෙමළ භාෂාව ද භාවිත කළ හැකිය.
* රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම
දැනට පණවා තිබෙන රාජ්‍ය ප‍්‍රතිපත්ති හා මූලධර්ම ඒ ආකාරයෙන්ම පැවතිය යුතුය. එහෙත් වත්මන් ව්‍යවස්ථාවේ ඇති එම පරිච්ෙඡ්දයට බලාත්මක භාවයක් නොමැති හෙයින් එහි අර්ථයක් නොමැත. එම නිසා රාජ්‍ය ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට පහත සඳහන් ආකාරයෙන් බලාත්මක බාවයක් ලබා දීමට යෝජනා කර සිටියි.
(අ) ව්‍යවස්ථාදායකය විසින් පනවනු ලබන සෑම නීතියක්ම එම ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට පටහැනි නොවිය යුතු අතර එම මූලධර්ම මත පදනම් විය යුතුය.
(ආ) සෑම විධායක කි‍්‍රයාවක් ම එම මූලධර්මවලට පටහැනි නොවිය යුතු අතර එම ප‍්‍රතිපත්ති හා මූලධර්ම සාක්ෂාත් කර ගැනීමට ගත කළ යුතු ය.
(ඇ) එකී ප‍්‍රතිපත්ති හා මූලධර්මවලින් තෝරාගත් විශේෂ ඒවා අධිකරණය මගින් විධායකය හරහා කි‍්‍රයාත්මක කරවා ගැනීමට පුරවැසියන්ට අයිතිය තිබිය යුතුය.
* රාජ්‍ය සේවය
රාජ්‍ය සේවකයන්ට බලපාන නිශ්චිත හා පාරදෘෂ්‍යභාවයෙන් යුත් පත්වීමේ මාරුකිරීමේ හා උසස්වීම් පටිපාටියකට අවශ්‍ය නීතිමය පදනම අන්තර්ගත කළ යුතුය. රාජ්‍ය සේවකයන්ට දේශපාලන මැදිහත් වීමකින් තොරව ස්වාධීනව රාජ්‍ය ප‍්‍රතිපත්ති හා මූලධර්ම ඉලක්ක කොටගෙන සේවය කිරීමට බලය හා හැකියාව ව්‍යවස්ථාවෙන් සහතික කළ යුතුය. බලය අවභාවිත කරනු ලබන, රාජ්‍ය දේපළවල හා ජාතික සම්පත්වල සුරක්ෂිත භාවයට හානිවන ආකාරයෙන් තීරණ ගනු ලබන හා දූෂිත කි‍්‍රයාවල යෙදෙන රාජ්‍ය සේවකයන් හඳුනා ගැනීමට හා ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට විශේෂ ක‍්‍රමවේදයක් හඳුන්වා දිය යුතු අතර විඝනකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කොට ඒ සඳහා විශේෂ බලාධිකාරියක් පිහිටුවීමට යෝජනා කර සිටියි. එවැනි අයථා ලෙස කි‍්‍රයා කරන රාජ්‍ය සේවකයන්ට එරෙහිව පැමිණිලි කිරීමට පුරවැසියන්ට අයිතිය තිබිය යුතු අතර එවැනි පැමිණිලි ඉහත කී ආකාරයේ බලාධිකාරියක් වෙත සෘජුව ඉදිරිපත් කිරීමට හා එමගින් සහන ලබා ගැනීමට හැකියාව තිබිය යුතුය. රාජ්‍ය සේවකයන්ගේ අයථා කි‍්‍රයාවන් හා නොකර හැරීම් හේතුවෙන් අතෘප්තියට පීඩාවට හා අගතියට පත් ජනතාවට සහන අප‍්‍රමාදව ලබා දීමේ යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතුය.
* පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය
රටටම බලපාන පරිදි කිසිදු සීමාවකින් තොරව නීති සෑදීමේ බලය පාර්ලිමේන්තුව සතු විය යුතු ය.
ජනතා පරමාධිපත්‍ය බලයට හෝ ව්‍යවස්ථාවේ මූලික හරයට හානිවන කිසිදු නීතියක් පැණවීම තහනම් කළ යුතු අතර සීමා සහිත අවස්ථාවල දී පමණක් එවැන්නක් ජනමත විචාරණයකින් පමණක් සම්මත කළ හැකි විය යුතු ය. නව ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වී වසරක් ඇතුළත ජාතික ආරක්ෂාව, විදේශ සම්බන්ධතා, ජාතික සම්පත්, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි තෝරාගනු ලබන විෂයන්ට අදාළව ජාතික ප‍්‍රතිපත්තියක් ජනතා සහභාගිත්වය ඇතුව සකසා පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත යුතු අතර ඉන් මතු සම්මත වන සියලූ නීතින් හා විධායක හා පරිපාලන කි‍්‍රයාකලාපයන් ව්‍යවස්ථාවේ ඇතුළත් කර තිබෙන ජාතික ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට අනුකූල විය යුතු ය. එකී සියලූ ජාතික ප‍්‍රතිපත්ති මත සියලූ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වන පරිදි සකස් කරන ලද කි‍්‍රයාත්මක කිරීමේ ක‍්‍රමවේද හා පද්ධති (protocols and systems) සීමා සහිත කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් හා/හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව සකසා බලාත්මක කළ යුතු බවට අනිවාර්ය කළ යුතු ය. යම් පනතක් සම්මත වූ පසුව ද එහි ව්‍යවස්ථානුකූල භාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හබ කිරීමේ අයිතිය ජනතාවට ලබා දිය යුතු ය. රටටම බලපාන හා රට තුළ එක හා සමානව කි‍්‍රයාත්මක වන එකම නීතියක් පමණක් තිබිය යුතුය.
* පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හා ජාත්‍යන්තර ගිවිසුම්
රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ සියලූ පියවර කි‍්‍රයාත්මක කළ යුත්තේ ඒවා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූවායින් පසුව ය. ජනතාවගේ ආර්ථික පරමාධිපත්‍ය (Economic Sovereignty) බලයට යටත් සියලූ අංග සම්බන්ධයෙන් නීති පැණවීමේ බලය හා තීරණය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු විය යුතුය.
විසර්ජන කෙටුම්පතක් සම්මත වූවායින් පසුව එම පනත බලාත්මක වන කාලය තුළ දී එහි අන්තර්ගත යම් කාරණයක් සම්බන්ධයෙන් වෙනසක් හෝ සංශෝධනයක් විය හැකි රෙගුලාසි, ගැසට් නිවේදන, චක‍්‍රලේඛ හෝ නියම පැණවීම ව්‍යවස්ථාව විසින්ම තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් මිස කිසිදු ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් හෝ වෙනත් එවැනිම ආකාරයේ වූ ගිවිසුමක් වලංගු නොවිය යුතුය. සියලූ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා අනෙකුත් ගිවිසුම් අත්සන් තැබීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ජනාධිපතිවරයා ඇතුළු විධායකය විසින් ලබාගත යුතුය.
සියලූ ජාත්‍යන්තර ගිවිසුම් ඒවා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පෙර ජනතාව වෙත හෙළිදරව් කළ යුතු අතර ජනතා පරමාධිපත්‍ය බලයට හා ජාතික ආරක්ෂවට හානිකර ගිවිසුම් අධිකරණයේ හබ කිරීමේ අයිතිය ජනතාවට ලබා දිය යුතු ය. එවැන්නකට බලාත්මක භාවය ලබා දීම ජනමත විචාරණයකින් පමණක් සිදුවිය යුතුය. ජාත්‍යන්තර වෙළෙඳ, ආරක්ෂක හා වෙනත් ගිවිසුම් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ නීතිමය ක‍්‍රමවේදයක් හා එවැනි ජාත්‍යන්තර ගිවිසුම්වල බලපෑම හා විෂය පථය පිළිබඳව දේශීය බුද්ධිමතුන්, විශේෂඥයන් හා පළපුරුදු තැනැත්තන් මගින් නිසි පූර්ව අනුමැතියක් ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතුය.
* ඡන්ද බලය සහ ජනමත විචාරණය ඇතුළුව මැතිවරණය
මැතිවරණ ප‍්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ (2007-06-05) නිර්දේශවලට අනුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට යෝජනා කර සිටී. ලියා පදිංචිය මත පුරවැසිභාවය ලබන තැනැත්තෙකුට ඡන්ද බලය ලැබීමට අවම වශයෙන් ශී‍්‍ර ලංකාව තුළ වසර හතක කාලයක් ජීවත්ව සිටිය යුතු ය. ඡන්ද බලය පාවිච්චි කළ හැකි විය යුත්තේ එම තැනැත්තා ලියා පදිංචි වී සිටින ඡන්ද කොට්ඨාශය තුළදී පමණක් විය යුතුය. ඡන්ද බලය අහිමි වූ තැනැත්තකුට නැවත ඡන්දය දීමට සුදුසුකම් ලැබීම සඳහා අවම වශයෙන් වසර 5 ක් වත් ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද දායකයකු ලෙස සිටිය යුතුය.
* බලය විමධ්‍යගත කිරීම/ බලය බෙදා හැරීම / බලය වෙන් කිරීම
පළාත් සභා බලතල විමධ්‍යගත කරනු ලබන ඒකකයක් නොවිය යුතුය. බලතල විමධ්‍යගත කිරීමේ මූලික ව්‍යුහය සකස් විය යුත්තේ ගම හෝ ආසනය පදනම් කරගෙන ය. පාර්ලිමේන්තුව සමග හබ කිරීමට හැකියාව තිබෙන කිසිදු ව්‍යවස්ථාදායක බලය ඇති ආයතනයක් නොතිබිය යුතු ය.
* අධිකරණය
අධිකරණයේ ස්වාධීන බව තහවුරු කිරීම සඳහා සියලූ අධිකරණවල විනිසුරුවරුන් පත් කිරීම හා උසස් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් පිළිගත් පොදු නිර්ණායකයක් හා පටිපාටියක් තිබිය යුතුය. අධිකරණයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා අධිකරණවල සේවය කරන සියලූ නිලධාරීන්ගේ හා විනිසුරුවරුන්ගේ සේවය සම්බන්ධයෙන් ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ හා කාර්යසාධනය කිරීමේ ක‍්‍රමවේදයක් ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුතුය.
නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පරිච්ෙඡ්දයක් පැවතිය යුතු අතර එහි දී නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන හා අපක්ෂපාතී ආයතනයක් ලෙසත් (රජයේ දූෂිත නිලධාරීන්ව ආරක්ෂා කිරීමේ ආයතනයක් ලෙස නොව) මහජන සුභසිද්ධිය පිණිස පමණක් කි‍්‍රයා කරන ආයතනයක් බවට ව්‍යවස්ථාවෙන් සහතික කළ යුතුය. පොදු ජනතාවට තම වත්පොහොසත් කම නොතකා ඕනෑම අධිකරණයක පිහිට පැතීමට සම අවස්ථාවක් ලබා දීම සඳහා ව්‍යවස්ථාවෙන් ක‍්‍රමවේදයක් හඳුන්වා දීය යුතුය.
* වෙනත් විෂයන්
ස්වභාවික හා ජාතික සම්පත්
ස්වභාවික සම්පත් හා ජාතික සම්පත්වල පරම අයිතිය වත්මන් පුරවැසියන් හා අනාගත පරම්පරාවන් සතු විය යුතු අතර පවතින ආණ්ඩුව විසින් ඒවා විශ්වසනීය භාරයක් වශයෙන් පමණක් දැරිය යුතුය. දේශයේ භූමිය හා ස්වභාවික සම්පත්වල අයිතිය හෝ බුක්තිය කුමන හෝ මට්ටමකින් හෝ අන් රාජ්‍යයක සෘජු හෝ වක‍්‍ර පාලනයට නතු කර නොදිය යුතු අතර එම බලපෑම ඇති දැනටමත් ඇතුළත් වී තිබෙන සියලූ ගිවිසුම් හෝ පැවරීම් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මුතියකින් අනුමත කරනු නොලැබුව හොත් අවලංගු වූවා ලෙස සැලකිය යුතු බවට ද පැණවිය යුතුය. ශී‍්‍ර ලංකාවේ දේශ සීමාව තුළ (එනම් භූමිය, සමුද්‍රය හා අහස) පිහිටි සියලූ ස්වභාවික සම්පත්, සත්ව හා ශාක ගෝලය අයත් ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමේ අයිතියක් ද ඒවාට හානි කරනු ලබන හෝ අවභාවිතා කරනු ලබන අයකුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට පරමාධිපත්‍ය අයිතිවාසිකමක් සෑම පුරවැසියකුටම තිබිය යුතුය.
* ද්විත්ව පුරවැසිභාවය
ද්විත්ව පුරවැසිභාවය අහෝසි කළ යුතුය. ඒ වෙනුවට ද්විතීක පුරවැසි වැනි නව සංකල්පයක් හඳුන්වා දිය යුතුය.
වත්මන් ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනවල සඳහන් දිවුරුම්/ප‍්‍රතිඥා
වත්මන් ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනවල සඳහන් දිවුරුම්/ප‍්‍රතිඥා ලබා දීම වත්මන් ව්‍යවස්ථාවේ සඳහන් කාරණා සඳහා අදාළ කරගත යුතුය.
එම දිවුරුම්/ප‍්‍රතිඥාවලට, දේශයට පක්ෂපාතී වීම, ප‍්‍රතිඥාවේ කොටසක් ලෙස ඇතුළත් කරන ලෙස යෝජනා කෙරේ.
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
සභාපති, දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය,
(දිවයින පුවත්පත ඇසුරිනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...