පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හතරක සිර දඬුවමකට යටත් කර ඇති බව වාර්තාවේ. ඔහුට එරෙහිව තිබුණු චෝදනාව වන්නේ අධිකරණයට අපහාස කිරීමයි. චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වන සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.
නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේය.
තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණයට රන්ජන් රාමණායක මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසිනි. එම පැමිනිල්ලට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව උසාවියට අපහාස කිරීම යන චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.
කොළඹ, අරලියගහ මන්දිරයේ දී 2017 වසරේ අගෝස්තු මස 21 වන දා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වමින් රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කළ බව වාර්තා කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...