දේශීය පුවත්

දෙමළ භාෂාව කථාකිරීමට හැකිවීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා ශ්‍රී ලංකාවේ පොලිසියට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි මහතා විසින් යෝජනාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව එසේ බඳවා ගැනීමට නියමිත නිළධාරීන් 150න් බහුතරය මුස්ලිම් ජාතික නීතිඥවරුන් වන බවට නීති අංශවල කථා බහට ලක්වන බවද වාර්තාවේ.

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ එක් නීතිඥවරයෙක් සඳහන් කළේ එසේ එක් භාෂාවක් දැන ගැනීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකීම මගින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. එහිදී රටේ පළමු භාෂාව වන සිංහල භාෂාව කථා කිරීම මූලික සුදුසුකමක් විය යුතු බවත් සෙසු භාෂා පිළිබඳව දැනුම බඳවා ගැනීමෙන් පසුව ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

සාමාන්‍යය බඳවා ගැනීමේ සහ උසස් වීම් පටි පාටි අනුව දෙවන භාෂාව සුදුසුකමක් වන්නේ ස්ථිර කිරීම සහ උසස්වීම් සඳහා මිස බඳවා ගැනීමේදී නොවන බවද ඔහු සඳහන් කරයි. මෙසේ භාෂා කොන්දේසියක් පැනවීම මගින් යම් තෝරාගත් පිරිසක් පොලිසියට බඳවා ගැනීමට ඉඩ ලැබෙන බවද ඔහු අවධාරණය කර සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More