දේශීය පුවත්

අපි දහඩිය හෙලා පත්කර ගත්තේ වෙන්දේසි සමාගමක්දැයි අපට සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම ඇතුලු රජයේ විජාතිකකරණ වැඩපිළිවෙලට එරෙහි දැවැන්ත බළවේගයක් ගොඩනගමින් එක් රැස් වූ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව අමතමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේය.

වරායට අනුබද්ධිත වෘත්තීය සමිති 23ක්, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, ජාතික සංවිධාන එකමුතුව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු දේශපාලන පක්ෂ රැසක් ද ජාතික ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති රැසක් ද මෙම නව ජාතික ව්‍යාපාරයට සහය පළ කර සිටී.

එහිදී මෙම නව ජාතික ව්‍යාපාරයේ පැවිදි අනුශාසනාව සිදු කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් තවදුරටත් මෙසේ ද ප්‍රකාශ කර සිටියේය.

අපේ රටේ ස්වභාවික සම්පත් වලට අපි කිව්වේ ජාතික සම්පත් කියල. වරාය කියන්නෙ සාංඝික දේපළක් වගේ රැක බලා ගත යුතු දේපළක්. සාංඝික දේපළක් වගේම මේක ජනතාව සතු දේපළක්. සාංඝික දේපළක් කවුරුවත් කන්නෙ නැහැ.

මේ සම්පතට පමණක් නෙවෙයි, දැන් අපේ ජල සම්පතට, අපේ වන සම්පතට, අපේ භූමි සම්පතට, අපේ පොස්ෆේට් නිධියට, මන්නාරම් ද්‍රෝණියේ අපේ තෙල් සම්පතට ආදී වශයෙන් අපේ සම්පත් කොල්ල කෑමේ තර්ජන රැසක් දැන් එල්ල වෙලා තියෙනව.

අපි කවුරුත් දන්න ප්‍රධාන වෙන්දේසිකරුවො දෙන්නෙක් ඉන්නව ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම හා ඩන්ස්ටන් ඇන්ඩ් කෙලාර්ට්. ඒගොල්ල වෙන්දේසි කරනකොට අඩුගානෙ ඝන්ඨාරයක් ගහනව. ඒ උනාට අපේ පාළකයො මේව වෙන්දේසි කරන්න යන්නෙ කිසිම සද්දයක් නැතිව, බොහොම රහසිගතව.

කෙසේ වුවත් අපේ මව්බිමට එරෙහිව කිසියම්ම කුමන්ත්‍රණයක් වෙනව නම් ඒ පිළිබඳ තොරතුරු කෙසේ හෝ පන්සලට ගෙනත් දෙන දේශහිතෛෂීන් ඕනෑ තරම් තවමත් සිටිනව.

විදේශීය රටවල් වලට සිනාවක් දෙන අතරෙ අපේ රටේ මිනිස්සුන්ට කඳුලක් දෙන ආකාරයට හැසිරෙන්න එපා කියල අපි මේ රජයට අවධාරණය කර සිටිනව.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More