දේශීය පුවත්

පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින පැවැත්වී තිබේ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිස් සේවයට බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව ද ලැබේ.

පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් ඔවුන්ව බඳවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබඳව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතව තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් අධිකරණ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

රාවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාව සිටි කාලයේදී නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී සිදුවූ අක්‍රමික පටු ආගම්වාදී අනුග්‍රහයන් මෙම ක්‍රියාවලියේදී සිදු නොවිය යුතු බවට ජාතික සංවිධාන අවදියෙන් සිටින බව ඔවුන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More