Notice Board

මැයි රැලි…

May 5, 2018 1:12 pm | Lanka Lead News

ජාතික සමගියට කම්කරු ජවය; ශ්‍රීලනිප මැයි රැලිය මඩකලපුවේදී

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (07 වැනිදා) පැවැත්වේ.

මඩකලපුව චෙංකලඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම මැයි දින සැමරුම් උත්සවය ප.ව. 3.00 ට ආරම්භ වේ.

මෙවර ඔවුන්ගේ තේමාව ‘ජාතික සමගියට කම්කරු ජවය’ යන්නයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැයි දින සැමරුම් උත්සවයට මැයි දින පෙළපාලි මෙවර ඇතුළත් නොවෙයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ලැදි සියලු දෙනාට රැලිය සඳහා සහභාගී වන ලෙස මැයි දින කමිටුව ඉල්ලීමක්‌ කරයි.
—————————————————————————

පරිණත නායකත්වයට නව ජවයක්‌; එජාප මැයි රැලිය කොළඹ

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙවර මැයි රැලිය ‘පරිණත නායකත්වයට නව ජවයක්‌’ නමින් හෙට (6 දා) පෙරවරු 9.00 ට සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම පක්‍ෂය මෙවර මැයි පෙළපාලියක්‌ සංවිධානය කර නැත. එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන මැයි රැලියට එජා පාක්‍ෂිකයන් විශාල පිරිසක්‌ ද සහභාගි වීමට නියමිතය.

මේ අතර හෙට (6 දා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ සංවිධානය කර ඇති අතර ඊට පසු දින (07 දා) මහා සංඝරත්නය සියක්‌ නමක්‌ විෂයයෙහි හීල් දානය පිරිනැමීමට ද නියමිතය.

ලබන 6 දා වන විට මැයි දින උණුසුම පහව යනු ඇති බැවින් එජාපය මැයි පෙළපාලියක්‌ නොපවත්වන්නේ යෑයි ද එජාප ප්‍රකාශකයෙක්‌ කීවේය. අනෙක්‌ පක්‍ෂ මැයි 07 දා මෙවර මැයි දිනය සැමරුවද එජාපය පමණක්‌ මැයි 6 දා ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඊට සහභාගි වන පාක්‍ෂිකයන්ගේ පහසුව ගැන සිතා සහ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණය 7 වැනිදාට ලබාගැනීමට නොහැකි වීම නිසා බව එජාප ප්‍රකාශකයා වැඩිදුරටත් ‘දිවයින’ට කීය.

——————————————————–

බදු බරට එරෙහි වෙමු; ඒකාබද්ධ මැයි රැලිය ගාල්ලේදී

ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වන ඒකාබද්ධ මැයි දින රැලිය 7 වැනිදා පස්‌වරු 2.30ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

බදු බරට, පාවාදීමට, බැඳුම්කර කොල්ලයට, ජාතික සම්පත් විකිණීමට හා මර්දනයට එරෙහිව මැයි දින රැලිය පවත්වන බව ඒකාබද්ධ විපක්‍ෂය කීය.

මැයි දින පෙළපාලිය එදින පස්‌වරු 1.00 ට ගාල්ල වෙහෙරගොඩැල්ල විහාරස්‌ථානය අසළින් ආරම්භවී, පස්‌වරු 2.30 ට ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී
රැලිය පැවැත්වේ.

වැඩකරන ජනතා ඒකාබද්ධ මැයි දින රැළියට ඒකාබද්ධ විපක්‍ෂයට අයත් සියලු පක්‍ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඊට සම්බන්ධ සියලු පක්‍ෂවල වෘත්තීය සමිති සහභාගී වෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More