දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාලයේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකිරන දෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් පියවර ගෙන තිබූ බව වාර්තාවේ.

උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සරසවි සිසුන් පිරිසක් විසින් කඩාදැමුනු යුද ස්මාරකය ස්ථානයටම ගොස් එම ස්ථානයේදීම නව සැමරුම් ස්මාරකයක් වෙනුවෙන් මුල්ගල තැබීමටද කටයුතු කළ බව වර්තාවේ.

කෙසේ වෙතත් අද (11) දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බවද යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසූ බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More