ප‍්‍රධාන පුවත්

2009 වර්ෂයේදී සතොෂි නකමොතෝ නම් අනවර්ථ නාමයකින් ඉතා ගුප්ත ලෙස ලොවට හඳුන්වා දුන් “බිට් කොයින්” නම් වූ ගුප්ත ඩිජිටල් මුදල් හුවමාරු ඒකකය ජාත්‍යන්තර මෙන්ම දේශීය මුදල් හුවමාරුවේදී වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින නිසාවෙන් ඇමරිකානු ඩොළරය ක්‍රමයෙන් පහතට වැටී අභාවයට යනු ඇතැයි මුළ්‍ය ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කර සිටී.

දැනටමත් ලොව ආයෝජකයින් සහ ධනකුවේරයින් මිලියන ගණනක් මෙම “බිට් කොයිනය” තම ප්‍රධාන ව්‍යාපාරික මුදල් ඒකකය ලෙස භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර එහි මිළ ඩොළරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් ඉහල යෑම වැනි කරුණු මත එය වඩාත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පැවතීම වැනි කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් මෙම පුරෝකථනය සිදු කරයි.

අමතරව ඔවුන් පෙන්වා දෙන්නේ 2020 වසරේ 10%කින් පහත වැටුනු ඩොළරය 2021 වසරේ ලොව ප්‍රධාන මුළ්‍ය ඒකකයන්ට සාපේක්ෂව තවත් 10%කින් පහතට වැටෙනු ඇති බවයි.

බිට් කොයිනයේ විශේෂත්වය වන්නේ අපට හුරුපුරුදු ආකාරයේ භෞතික නෝට්ටු හෝ කාසි නොමැති වීම වන අතර මෙම “ඩිජිටල් බිට් කොයිනය”ක වත්මන් රුපියල් වටිනාකම මිලියන 6.3ක් පමණ වේ.

ලොව මුල්ම “බිට් කොයින්” ගණුදෙනුව 2010 වසරේදී වාර්තා වන අතර එහිදී යම්කිසි අයෙකු විසින් ෆ්ලොරිඩාවේ Papa John’s  අවන්හලෙන් “බිට් කොයින්” 10,000 කට පීසා (Pizza) දෙකක් මිළට ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/business/512072-us-dollar-demise-bitcoin/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More