ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජෙයිශංකර් මහතා සති අන්ත වීරකේසරී පුවත්පතට පවසා තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමග තවදුරටත් සම්බන්ධතා පවත්වන බවයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් තුනෙන් දෙකකට ඉන්දියාවේ සබඳතා ඇති බැවින් නැගෙනහිර පර්යන්තයේ කොටස්කරුවෙකු බවට ඉන්දියාව පත්වීමෙන් අත්වන වාසි විනිවිදභාවයෙන් යුක්ත බවයි.
ශ්‍රී ලංකා රජයේ කැමැත්තට අනුව ඉන්දියාව සහ ජපානයේ ආයෝජනයෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම පිළිබඳව ඉන්දියාව සතුටුවන බවත් පර්යන්තයේ අයිතිය තවදුරටත් ශ්‍රී ලංකාව සතුවන බවත් පවසන ඔහු ඉන්දියාවේ මැදිහත් වීම දෙරට අතර නාවික හා ආර්ථික සබඳතා ශක්තිමත්වීමට හේතුවන් වනු ඇතැයි ද තවදුරටත් පෙන්වා දී තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මෙය ශ්‍රී ලංකාවේ නැගී සිටීමට අවශ්‍යවන ආයෝජන ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර රටවල්වලින් ආකර්ශනය කිරීමේ සංඥාවක් බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...