නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලය පුළුල් වෘත්තීය සංගම් විසින් ජාතික සංවිධාන ඇතුළු විවිධ සමාජ බලවේග ඒකරාශී කර ගනිමින් පිහිටුවන නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව අද දින සවස 02:00ට කොළඹ 02 චිත්තප්පලම් ඒ ගාඩිනර් මාවතේ ජේ එම් සී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අනාගත පරපුර වෙනුවෙන් සුරැකීමේ සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව “නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව පිහිටවීමේ ” කාර්ය සාර්ථක කර ගැනීමට දේශ මාමක සියළු දෙනාම මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඉල්ලා සිටින බව ලංකා ලීඩ් වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා සිටියහ.
ලංකා ලීඩ් වෙබ අඩවිය මෙම අවස්ථාව සජීවීව විකාශනය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර අප පාඨකයන්ට ඒ සඳහා සහභාගිවන ලෙස ඉල්ලා සිටිමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...