2006 දී වයස 23ක්ව තිබියදී සංවිධානයට බැඳුනු; යුද්ධයේ අවසානය දක්වා එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකුව සිටි යෝගරාජා තිරුබාකරන් නොහොත් රාජන් පවසන්නේ ලෝකය කොතරම් ලොකුදැයි දැක්කේ යුද්ධයෙන් පසුව බවයි.
සංවිධානයට බලෙන් බඳවාගත් වයස 16ක ගැහැණු ළමයෙකු යුද්ධ කිරීම සඳහා තමාට බාර දී තිබූ බවත් අවසාන භාගයේදී ඇය හමුදාවට භාර වීමට යන අවස්තාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඇයව වෙඩි තබා ඝාතනය කළ බවත් එම සිදුවීමෙන් තමා සංවිධානය කෙරෙහි දැඩි ලෙස කළකිරුණු බවත් ඔහු තවදුරටත් පවසයි.
හමුදාවට බාර වෙන තෙක් සිංහළ මිනිස්සු එක්ක තිබුනෙ වෛරයක්. මේ ජාතිවාදය අවුලවන්නෙ දමිළ දේශපාලකයින්. ටී.එන්.ඒ.එකේ ඉන්නෙ ඔක්කොම බොරුකාරයො. මම හැකි හැම අයුරකින්ම ජනතාව දැනුවත් කරනවා යයි පවසන ඔහු තම වියදමින් වැලිඔය ප්‍රදේශයේ බෞද්ධ පන්සලක් සෑදීමට කටයුතු කරමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...