දේශීය පුවත්

හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාම විහාරස්ථානය වෙත රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (08) පස්වරුවේ පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව වාර්තාවේ.

එම ස්ථානයට සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ හබරණ හිරිවඩුන්නේදී බව පවසන පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඔවුන්ට විරෝධය පළකිරීමත් සමග එම නොසන්සුන්කාරි තත්වය උදාවිය.

පසුගිය කාලය පුරා විවිධ පාර්ශ්ව විසින් සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ මෙම ස්ථානයේ බවට විවිධ මත සමාජගත කර තිබුණි.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙමින් එවැන්නක් තවමත් තහවුරු කර නොමැති බවත් අසත්‍ය මත පතුරුවමින් විටින් විට විහාරස්ථානයට පැමිණෙන පාර්ශ්වයන් හිරිහැරයක් වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියහ

මෙවැනි වාතාවරණයක් පවතිද්දී රාජ්‍ය අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට ද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණු අතර බෝසතුන් එම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට අදහස් දරන පිරිසක් ද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ විහාරස්ථානයට පැමිණ සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳව සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන්ද එහි රැස්ව සිටි අතර දෙපාර්ශ්වය විසින් එහිදී කරුණු දැක්වනු ලැබීය.

ඉන් අණතුරුව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියන්, රාජ්‍ය අමාත්‍යවරයා සහ පුරාවිද්‍යා නිලධාරීන් අතර සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍යවරයා සමඟ පැමිණි සිදුහත් බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් බවට මත දරන පිරිසෙන් අයෙකු විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ට ලොතරැයිපත් බෙදාදීමට උත්සාහ දැරීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් එහි ඇතිවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More