දේශීය පුවත්

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ගාල්ල සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ; කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ කාටවත් පවරන්නෙ නැති නමුත් අයෝජන ගැන සලකා බලන බව අග්‍රාමාත්‍යතුමා පැහැදිළිව පවසා ඇති බවය. එය ඉන්දියාව සමග නොව ඕනෑම රටක් එක්ක කරන බවත් අපේ රටට හිතකර ආයෝජන ගැන පමණක් සලකා බලන බවත් ප්‍රකාශ කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා;

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා. මොකද දැනට පළාත් සභා පවතින නිතී රාමුවේ පවතින දෙයක්. ඒ නිසා ඒක ඉක්මනින් තියලා අදාල මහජන නියෝජිතයින්ට පත්වීමට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාව තීරණය කරයි කවුද යවන්නෙ කියලා.

පසුගිය යහපාලන රජය දේශපාලන දඩයමක නිතර වුනා. ඒයාලට ඕන ඕන අය විවිධ චෝදනා ඉදිරිපත්කරලා අධිකරණයට දාලා රිමාන්ඩ් කළා. පොලිසීයට කැදෙව්වා. ඒ තුළින් යම් කිසි කෙනෙක් වැරදි විමර්ශන හේතුවෙන් අගතියට පත්වෙලා ඉන්නවනම් එයාලට සාධාරණය ඉටුවිය යුතුයි කියන මතවාදයේ අපි ඉන්නවා.” යැයි

එමෙන්ම, ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ලබා දෙන තීන්දුවට එකග වෙන බවත් එම තීන්දුවට දේශපාලන මැදිහත්වීම් සිදු කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More