කුමන කොවිඩ් 19 එන්නත ලබාදුන්නත් එමගින් අප රටේ සමස්ථ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත් වෙන බව සිංහළ වෙද උරුම භාරයේ සභාපති හර්ෂ සූරියාඅරච්චි මහතා පවසයි.
කොවිඩ් 19 අනුසාරයෙන් රට මුහුණපා ඇති පරිපාළනමය, ආර්ථික, සමාජ සහ සෞඛ්‍ය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටී.
ලංකාවේ; PCR පරීක්ෂණයෙන් පසු කොවිඩ් රෝගීන් යොමු කරන්නේ බටහිර වෛද්‍යවරුන්ට පමණයි. නමුත් කොවිඩ් 19 වෛරසයට බටහිර වෛද්‍ය ක්‍රමය තුළ කිසිදු ඖෂධයක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබෙනවා.
අප රටේ දේශීය වෛද්‍ය ක්‍රම (හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, හෝමියෝපති වෙදකම, ……….) තුළ කොවිඩ් 19 සඳහා ඖෂධ තිබෙනවා; නීතිගත ආයුර්වේද පණතක් තිබෙනවා. සියල්ල එසේ තිබියදී රෝගීන් එතනට යොමු කරන්නේ නැහැ. දේශීය වෛද්‍යවරුන් ඖෂධ ලබාදීම පටන්ගත් විට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් එවා හෝ වෙනත් ක්‍රම මගින් හෝ ඔවුනට විශාල බාධාවක් ඇති කරනවා. එයට අමතරව, ඒ අයව රිමාන්ඩ් කරයි, හිරේ දායි යනුයෙන් සමාජයේ භීතියක් ද ඇතිකර තිබෙනවා. මෙය තමයි පොලවේ සිදුවෙමින් පවතින්නේ.
මේ හරහා රටේ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙනවා.
චීනයේ සෑම රෝහලකම බටහිර සහ චීනයට ආවේනික වූ දේශීය වෛද්‍යක්‍රම රෝගියාගේ කැමැත්ත පරිදි ලබාගැනීමේ පහසුකම සලසා දී තිබෙනව. චීනය ඔවුන්ගේම කොවිඩ් එන්නතක් නිපදවා තිබුනත් ඔවුන් තම රටේ ජනතාවට එය ලබාදෙන්නේ නැහැ.
ඇමරිකාව, එංගලන්තය දැනටමත් එන්නත් නිෂ්පාදනය කරන සමාගම් වගකීමෙන් සහ වගවීමෙන් නීතියෙන් මුක්ත කර තිබෙනවා. නමුත් එම සමාගම් මෙම එන්නත් මගින් අති විශාල ලාභයක් ලබනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...