අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශයකට අනුව ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලය නැවත සක්‍රිය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
2015 අප්‍රේල් මස 8 වැනිදා කැබිනට් තීන්දුවක් අනුව එවකට යහපාලන ආණ්ඩුව විසින් මෙම ආයතනය පිහිටුවන ලැබූ අතර එහි සමාරම්භක සභාපති ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කළාය.
වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු හිටපු ජනාධිපතිනිය පසුගිය නොවැම්බර් මාසයේදී ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලයේ සභාපති තනතුරින් ඉල්ලා අස්විය.
ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලය නැවත සක්‍රිය කිරීම සඳහා සභාපතිවරයෙකු ඇතුළු 11 දෙනෙකුගේ පාලක මණ්ඩලයක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයකු අලුතින් පත් කිරීමට නව රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
මෙම කාර්යාලය නැවත පිහිටවීමට අලි සබ්‍රි ඇමතිවරයා බරපතල මැදිහත්වීමක් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...