දේශීය පුවත්

ආඅභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අතුරුදන්ව තිබූ රණමයුර සම්මාන පදක්කම සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මාර්ග අංක 177 ඔස්සේ ධාවනය වන කඩුවෙල – කොල්ලුපිටිය බස් රථයක තිබී අදාළ සම්මාන පදක්කම සොයාගෙන ඇති බවයි.

අදාළ පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය විසින් රණ මයුර සම්මාන පදක්කම සිය බාරයට ගෙන තිබේ.

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු පසුගිය බදාදා දිනයේදී මෙම සම්මානය අතුරුදන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් බම්බලිපිටිය පොලීසියට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය අංශ කිහිපයත් ඔස්සේ විමර්ශන ආරම්භ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More