දේශීය පුවත්

සංවර්ධනයට මුවාවී මෙරට වනාන්තර ඇතුළු ජාතික සම්පත් විනාශයට රජය මැදිහත්ව කි‍්‍රයාකරන්නේ නම් එහි අනිසි විපාකයනට මුහුණ දීමට ඉදිරියේදී රජයට සිදුවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ ප්‍රකාශ කර සිටී.

රටක සංවර්ධන කි‍්‍රයාදාමයනට තමන් වහන්සේගේ කිසිදු අකමැත්තක් නැතත් ජාතික සම්පත් විනාශ කරමින් සිදු කරනු ලබන සංවර්ධනය කුමක් දැයි? රජයෙන් ප‍්‍රශ්න කර සිටීමට කැමති බවද උන්වහන්සේ පැවසූහ.

මෙරටට මේ මොහොතේදී ඉතිරිව ඇති එකම සම්පත වනුයේ වන සම්පත යැයි ද එය විදේශීය සමාගම්වලට පවරා දීමට කි‍්‍රයා කිරීම සංවර්ධනය ලෙස හුවා දැක්වීමට රජය කටයුතු කරන්නේ නම් මෙරට ජනතාව එයට රැවටී සිටීමට සූදානම් නොමැති බව සිහිපත් කිරීමට කැමති බව ද වන සම්පත, ජල සම්පත යන ස්වභාවික සම්පත් අතීතයේ සිටම මෙරට ජනතාව ආදරයෙන් බලාකියා ගත් බව ද පැවසූ ගුණවංශ හිමියෝ වන විනාශයන්ගෙන් සහ ඉඩම් ගොඩකිරීම් හරහා ඉදිරියේදී මෙරටට ජල ගැලීම් මෙන්ම පානීය ජලය නොමැතිවී යෑමේ බරපතළ තර්ජනයට ද මුහුණ දීමට සිදුවීම නොවනුමාන බවද සඳහන් කළහ.

රජය සංවර්ධනය කියා ගනිමින් සිදු කරන ව්‍යාපෘති ජනතාවට දැනුම්දිය යුතුව ඇතැයි ද කී උන්වහන්සේ මේ රට දේශපාලකයන්ට සින්නක්කරව ලියාදී නැතැයි ද පැවසූහ.

එබැවින් වසර පහක පමණ කාලයකට රට පාලනයට භාරදී ඇති ජනතාව ගැන සිතා සිහිබුද්ධියෙන් යුතුව තමන්ට පැවරුණු රාජකාරිය ඉටුකිරීමට පාලකයන් කටයුතු කිරීම වැදගත් බවද ඇල්ලේ ගුණවංශ හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More