දේශීය පුවත්

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (08 ) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ප‍්‍රායෝගික නොවන බවයි . එහිදී එතුමා අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ‍්‍රී ලාංකිකයන් සඳහා බලකිරීමකින් තොරව නොමිලේ අදාළ පහසුකම් රජය විසින් ලබා දී ඇති බවයි.

2019 පෙබරවාරි මාසයේ සිට ශ‍්‍රී ලංකා රජය මේ දක්වා විදේශයන්හි අසරණ වූ විවිධ ක්‍ෂේත‍්‍රයන්හි නියැලී සිටි ශ‍්‍රී ලාංකිකයන් 61,750 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව එතුමා පවසා සිටියේය. එසේම, මේවන විට තවත් රටවල් 137ක වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් 69,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන් සිටින බව පුවත් වාර්තා සඳහන් කරයි. එම පිරිස් අතුරින් රටවල් 15ක සේවය කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 41,452 ක් ශ‍්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්‍ෂාවෙන් ලියාපදිංචි වී ඇත.

විදෙස්ගතව සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයෙකු අනිවාර්ය දින 14 ක නිරෝධායන කාල සීමාවකට යටත් වේ. එසේ වුවද, ගෙවීම් කර නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින කිසිදු ප‍්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් මෙතෙක් ඉදිරිපත් කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More