පාත් ෆයින්ඩර් සංවිධානයේ ඉහළම පෙලේ මෙහෙයුම්කරුවන් පිරිසක් සමාජ ප්‍රශ්න කෙරෙහි අතිශය සංවේදී සහ අතිශය තීරණාත්මක මත පල කරන බෞද්ධ සමාජය තුළ ඉහළම පිළිගැනීමට ලක් වී සිටින භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසය කරණු ලබන විහාරස්ථානයෙන් විහාරස්ථානයට ගොස් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරණ ලෙස ඉල්ලා සිටින බව “පාත් ෆයින්ඩර්” සංවිධානයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
නැගෙනහිර ජැටිය “විකිනීම” යන රට වැසියන් කුලප්පු කරන “භයානක” වචනය වෙනුවට නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම පිණිස “සම ආයෝජකයන්” යොදා ගැනීම වැනි සුමට වචන යොදා ගැනීම සඳහා මෙම “පාත් ෆයින්ඩර්ස්” ඉහළ මොළ කරුවන් මෙම සූක්ෂම මෙහෙයුම දියත් කර ඇති බව “පාත් ෆයින්ඩර්ස්” ආරංචි මාර්ග පවසා සිටී.
ලංකා ලීඩ් වෙබ් අඩවිය “පාත් ෆයින්ඩර්ස්”ලාගේ මෙහෙයුම සම්බන්ධයෙන් “රාජ්‍යය දේපල” විදෙස් සමාගම් වලට විකිණීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන එක්තරා විශේෂඥයෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූහ.එහිදී ඔහු පවසා සිටියේ රාජ්‍යය දේපලක් වන කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම යන කාරණයේදී මෙරට ඒජන්තයන් තම උපක්‍රම වෙනස් කිරීම අනිවාර්ය බවයි.
එහිදී ලංකා ලීඩ් ඒ මහතාගෙන් , පසුගියදා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වරාය විකුනණවාද යන ප්‍රශ්නය අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ කළ ඒ මහතා සෘජුවම වරාය නොවිකුණන බව පැවසුවා නොවේදැයි යන පැනය ඇසුවෙමු.
එහිදී ඒ මහතාගේ අදහස වූයේ අග්‍රාමාත්‍යයවරයා “විකුණන්නේ නැහැ” කියා සෘජුව පවසා “ආයෝජකයන් ගෙන්වා ගන්නවා” යනුවෙන් වෙනත් අළුත් “ලේබලයක්” පාර්ලිමේන්තුවේදී ඇලවූ බවයි. ඒ අනුව ඒ මහතා අවධාරණය කරන්නේ විරෝධතාකරුවන්ගේ අරමුණ වෙනත් අතකට යොමු කිරීම තුළින් රටේ ජනතාවගේ ඇස් වලට වැලි ගසා”ආයෝජකයන් යොදා ගන්නවා” යන අළුත් ප්‍රවේශයකින් පැරණි උපාය එලෙසම ක්‍රියාත්මක කරන බවයි.
ඔහු අවසාන වශයෙන් අප වෙත පවසා සිටියේ මොවුන් කිසි කෙනෙක් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීම යන උපාය මාර්ගයෙන් වෙනස් නොවී නැති බවත් නැගෙනහිර ජැටිය විකිනීමට අළුත් උපක්‍රම අත්හදා බලමින් සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...