බටහිර හා ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ මනදොල සැපිරීම පිණිස ජවිපෙ විසින් අටවමින් සිටින ‘20 වෙනි ව්‍යවස්ථා සංශෝධන මර උගුල පැරදවීම‘ සඳහා ජනතාව පෙළගැස්වීම වෙනුවෙන් පත්‍රිකා බෙදා හැරීම්, දේශන, ජනහමු පැවැත්වීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් අද (03) සිට රටපුරා ක්‍රියාත්මක කරන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.
අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ‘20 වැනි ව්‍යවස්ථා සංශෝධන මර උගුල පරදවමු!’ යන තේමාව යටතේ ලියවුණු පත්‍රිකා බෙදාහැරීමේ කටයුත්ත අතරතුර ඒ මහතා මෙසේ පැවසීය.
‘‘ බටහිර හා ඉන්දියානු අධිරාජ්‍යවාදීන්ගේ, දෙමළ ඩයස්පෝරාවේ මනදොල සැපිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් අටවනු ලබන ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මර උගුල පැරදවීම!’ සඳහා මේ රටේ ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට තිබෙනවා. එහි පළමු පියවර තමයි දැනුවත් කිරීමේ පත්‍රිකා දසලක්ෂයක් රට පුරා බෙදාහැරීම. එම පත්‍රිකා බෙදාහැරීම අද (03) මෙම ස්ථානයෙන් ආරම්භ වෙනවා. හෙට (04) දිනයේ දිවයිනේ ප්‍රධාන නගර, උප ප්‍රධාන නගර ඇතුළු තදාසන්න පෙදෙස් සියල්ලම ආවරණය වන සේ මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතයි.
1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ අත් කරකවා ඉන්දියාව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට රිංගවනු ලැබුවා. ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් සන්ධීය රාජ්‍යයක් බවට පත් කරන ප්‍රතිපාදන එම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත වුණා. නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඊළම නිර්මාණය වීම වැළැක්වීමට ජේ. ආර්. ජයවර්ධන ව්‍යවස්ථා බාධක හෙවත් ‘ අඩ කොට‘ තබනු ලැබුවා. ජේ. ආර්. ජයවර්ධනට එසේ කිරීමට සිදු වූයේ දේශප්‍රේමීන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව රට පුරා දියත් කළ අරගලය නිසයි. එම දේශප්‍රේමී සටනට, මේ රටේ ඒකීයභාවය සුරැකීමේ සටනට එදා නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එම අරගලයේ දී ජවිපෙ සාමාජිකයින් 60.000කට ආසන්න පිරිසක් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. ඒ ඉතිහාසයටයි අද ජවිපෙ නායකයන් පිටුපස හරවන්නේ.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඊළම නිර්මාණය නොවීමට ජේ.ආර් ජයවර්ධන තැබූ ‘අඩ කොට හෙවත් ව්‍යවස්ථා බාධක‘ අතර මූලිකම දෙය තමයි, පළාත් සභා විධායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තබා ගැනීම. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පළාත් සභා කෙරෙහි එතෙක් පැවති එම පාලනය අවසන් වෙනවා. එදා ඊළම නිර්මාණය වීමට එරෙහිව සටන් වැදුණු ජවිපෙ වීරයෙක් වූවා. අද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ඊළම නිර්මාණය වීමට ඉඩ දීමෙන් ජවිපෙ ද්‍රෝහියෙක් වෙනවා.
පෙබරවාරි 10 වැනි දා පැවැති පළාත් පාලන ඡන්දයේ දී ආණ්ඩුවේ රනිල් – මෛත්‍රී පාර්ශ්ව දෙකම අන්ත පරාජයකට ලක්වීමෙන් පසු ඔවුන්ට එතෙක් ජනතා විරෝධතා මැද්දේ සිදු කරගෙන ආ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධන කටයුත්ත අතහැර දැමීමට සිදුවූවා. දැන් ඒ අතහැර දැමූ කටයුත්ත වෙනස් ආකාරයකින් ජවිපෙ ලවා ඉටුකර ගැනීමටයි බෙදුම්වාදීන් සැරසෙන්නේ.
මෙම කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම්ට පත්‍රිකා බෙදාහැරීමට අමතරව දේශන මාලාවක් රට පුරා පැවැත්වීමටත් ගම් මට්ටමින් ජන හමු පැවැත්වීමටත් ඉදිරියේදී කටයුතු කරනවා.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...