දේශීය පුවත්

“අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි.

ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, ත‍රඟකාරීත්වය , විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ.

මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුලෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුලින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරඟකාරීත්වය, විනය, සාමූහික හැගීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා” යැයි විදුලිබළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,

“ජයග්‍රාහකයා හෝ පරාජිතයා ලෙස නම් කිරීම ක්‍රීඩාව පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. ගණිතය පිළිබද ප්‍රශ්නයක්. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේදී ක්‍රීඩා ආර්ථිකයක්, නීරෝගීමත් ජාතියක් පිළිබදව සදහන් කළා. ශ්‍රී ලංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතුකරන්න ඕන කිව්වා. රටක, ජාතියක ශ්‍රේෂ්ඨත්වය මතු කිරීමේ පළමු කොන්දේසිය තමයි, ඒ ජාතිය නිරෝගීමත්, සාමකාමී මෙන්ම විනයක් සහිත ජාතියක් වීම. ලෝකයේ දියුණූ කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ක්‍රීඩාවෙනුත් දියුණූ බවට පත්වෙලා තිබෙනවා. රටේ හැම පාරක්ම කාපට් කළත්, අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමගි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ලඟාවෙන්න බැහැ. ඒ නිසයි මේ ආකාරයෙන් ක්‍රීඩාංගන ඉදිකරන්නේ “යැයි පැවසීය.

වර්ථමානයේදී අප රටේ පාසල් පද්ධතියෙන් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර නාමල් රාජපක්ෂ ඇමතිතුමා පාසල් දරුවන්ගේ විවේක කාලය විනාඩි 15 කින් වැඩි කිරීමට කළ යෝජනාව ඒ වෙනුවෙන් වූ ධනාත්මක යෝජනාවක් බවත් පැවසූ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුති වන්ත වියයුතු බවද පැවසීය. තමා අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී වසරකට දරුවන්ට වාර විභාග දෙකක් පමණක් ප්‍රමාණවත් බව පැවසුවේ, පළමු වාරය තුළ පාසල්වල නිවාසාන්තර තරඟ, අධ්‍යාපන චාරිකා, බිග් මැචි ආදිය පැවැත්වෙන බැවින් දරුවන් ඒ වෙනුවෙන් නිදහසේ සහභාගී කරවිය යුතු බැවින් යැයි ද, නොයෙක් හේතූන් විසින් මේ වනවිට පැහැරගෙන ඇති දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට නැවතත් ලබාදීම වෙනුවෙන්, නිරෝගී ජාතියක් ගොඩනැගීමේ මූලිකත්වය ක්‍රීඩාවට දියයුතු බවට අතිගරු ජනාධිපතිතුමන් විසින් තීරණය කර ඇතැයිද පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ද වොලිබොල් කණ්ඩායම් කිහිපයක් ද සහභාගී වූහ.

(ඒෂියන් මිරර් වාර්තාවක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More