කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇතැයි පවසා සිටී.
වැඩිදුරටත් අදහස් දක්වමින් හරිත අලුත්ගේ මහතා “වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක්.පරීක්ෂණ අඩුවෙන් සිදු කර රෝගීන් ගණන අඩු කරගන්නේ නම් එය බෝම්බයක් උඩ සිටීමක් හා සමානයි.දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු බවට දැනුම් දී තිබිය දී මේ දිනවල එය දහදාහක් අඩු මට්ටම පහත වැටී ත්බෙනවා.හැකිතාක් පරීක්ෂණ තවදුරටත් ඉහළ නංවමින් රෝගීන් හඳුනා ගත යුතුයි. අසේ නොකළහොත් ඉදිරියේ දී ආසාදිතයන් තවත් වැඩි විය හැකියි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...