සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේ නිකුත් කොට ඇති විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන් ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර පීසීආර් පරීක්ෂණයක් සිදුකර කොවිඞ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබීම අනිවාර්ය කර ඇති බව වාර්තාවේ. එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යළිත් වරක් පීසීආර් පරීක්ෂණයකට ලක්කෙරෙන අතර ඔවුන්ට සහතික කරන ලද හෝටලයක දින 14 ක කාලයක් නවාතැන් ගැනීමට හැකි බව කියවේ.
යම් විදියකින් මෙරටට පැමිණීමෙන් පසු සිදුකළ කොවිඞ් පරීක්ෂණයේ දී ඔවුන් කොවිඞ් ආසාදිතයින් නොවන බවට තහවුරු වුවහොත් පමණක් ඔවුන්ට ආරක්‍ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ.
කෙසේ වුවද මෙම දින 14 කාල සිමාව තුළදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුළින් පිටතට යාමට අවසරය හිමි නොවේ.
සංචාරකයන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා මත පදනම්ව කොවිඞ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇති සංචාරක කලාප 14 තුළ පමණක් ආරක්‍ෂිත බුබුලක් ලෙස මෙම විදේශිකයින්ට සංචාරය කිරිමට අවසරය හිමිවන බව එම මාර්ග උපදේසහ වල සඳහන්ය.
සංචාරකයින් රැගෙන එනු ලබන සමාගම් විසින් ගුවන් යානා වලින් පැමිණෙන සංචාරකයින් වෙනත් සංචාරකයින් සමග මිශ්‍ර විමට ඉඩ නොදීමට කටයුතු කළ යුතුව ඇති අතර ඔවුන්ගේ නවාතැන් ගන්නා හෝටල්, ප්‍රවාහන පහසුකම් ආදිය සැපයීමද මෙම ක්‍රමවේදයට අනුව එම සමාගම් විසින් සිදුකළ යුතුය.
ඊට අමතරව සංචාරක මණ්ඩලය විසින් විදෙස් සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල් ඊට සුදුසු ද යන්න සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරිම සිදුකළ යුතුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...