කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරදකරු කර වසර 46ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වී සිටි රැඳවියකු අධිකරණ නියෝගයේ සඳහන් ලේඛන වෙනස් කර වසර හතරකින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරයේ නිළධාරීන් පිරිසකට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් අරඹා තිබේ.
මෙම සිද්ධියට සැක වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ජේලර්වරයකු වීරවිල බන්ධනාගාරයට මාරුකර යවා තිබේ.
වාරියපොළ ප‍්‍රදේශයේ පදිංචි ජයමහ නමැති මෙම සිරකරුට ඉකුත් නත්තල සැමරීමට ඉඩ දෙමින් බන්ධනාගාර නිළධාරීන් විසින් නිදහස් කර යවා ඇත.
වැලිකඩ සිට වාරියපොළ බන්ධනාගාරයට ස්ථාන මාරු ලැබ ගිය බන්ධනාගාර නිළධාරියකු; නිදහස ලැබූ මෙම සිරකරු වාරියපොළ ප‍්‍රදේශයේ සිටිනු දැක හෙතෙම නිදහස් වූයේ කෙසේදැයි විමසා ඇති අතර එහිදී තමාට ජනාධිපති සමාවක් ලැබුණු බව ඔහු බන්ධනාගාර නිළධාරියාට පවසා තිබේ. ඔහු එසේ සඳහන් කළද ඒ පිළිබඳ ඇතිවූ සැකයක් මත අදාළ බන්ධනාගාර නිළධාරියා සිද්ධිය වාරිපොළ පොලිසියට දැනුම් දී ඇත. වාරිපොළ පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී මෙම සිද්ධිය හෙළිවී ඇත.
වසර 46ක දීර්ඝකාලීන සිරදඬුවමක් නියම වී සිටියදී නිදහස් කර යැවූ එම සිරකරු අවස්ථා දෙකකදී බන්ධනාගාරයෙන් පලා ගිය අයකු බවද ඔහු එසේ පලා යෑම නිසා බන්ධනාගාර නියාමකවරුන් කිහිප දෙනකු මේ වනතුරුත් වැඩතහනමට ලක්ව සිටින බවත් එම නිළධාරියා පවසයි.
වාරියපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අදාළ සිරකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාරිපොළ බන්ධනාගාරයට භාර දී ඇති අතර මේ වන විට ඔහු බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...