දේශීය පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවධානය යොමුකොට ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් ඔවුන් මව්බිමට ගෙන්වීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද(07) විරෝධතාවයක නිරතවූහ.

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විරෝධතාවයට මහජන නියෝජිතවරු, සිවිල් සංවිධාන නියෝජිතවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

“රටවිරුවන් වහා ගෙන්වනු, ස ෆේල්” ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පස්වරු 4.00ට පමණ රැස්වූ විරෝධතාකරුවන් පැයක පමණ කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

“රටට විදේශ විනිමය ගෙන එන විදෙස්ගත ශ්‍රීලාංකිකයින් එදා මැතිවරණයට පෙර රට විරුවන් ලෙස මේ ආණ්ඩුවේ පිරිස් හැදින්වූවා. නමුත් අද ඔවුන් එතෙර දුක් විදින අයුරු ආණ්ඩුව නෑසූකන්ව බලා සිටිනවා.මෙරටට ගෙන්වන විදෙස්ගත ශ්‍රමිකයන් පවා අද මාෆියාවකට හසුකොට තිබෙනවා. මේ නින්දාසහගත ක්‍රියාවලිය ආණ්ඩුව නවත්වා දැමියයුතුයි” යයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරල, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, හර්ෂණ රාජකරුණා, මනුෂ නානායක්කාර, කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More