දේශීය පුවත්

මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසා සිටියේ මහා විශාල බලාපොරොත්තු තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැති බවයි.

එහිදී උන්වහන්සේ අවධාරණය කරණු ලැබුවේ,සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු බවයි. එම කටයුත්තට රජය මැදිහත් නොවී පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම ඉතාමත් පටු චේතනාවෙන් කරන කාර්යක් බව උන්වහන්සේ එම මාධ්‍යය සාකච්ඡාවේදී චෝදනා කරණු ලැබූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “මේ රට මේ රජයට භාර දී ඇත්තේ තාවකාලිකවයි. තමන් කැමති දෙයක් කරන්න බූදලයක් සේ මේ රටේ අයිතිය කිසිවෙකුටත් මේ රටේ මිනිස්සු ලබාදීලා නැහැ. පෞද්ගලික බූදල් සේ මේ රටේ සම්පත් විකිණීමට බදු දීමට කිසිවෙකුට මේ රටේ මිනිස්සු අවසර දීලා නැහැ.වනජීවී පුවරු ගලවා දමා පුද්ගලික සමාගම් ලෙස පුවරු සවි කර ඇති ඉඩම් නැවත රජයට ගන්නා ලෙස අපි ඉල්ලනවා. යම් කිසි විදියකින් එය නොකරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” යැයි අගරදගුරු හිමියෝ පැවසූහ.

.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More