දේශීය පුවත්

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමට ලැබිය යුතු බදු ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිදු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“යුක්රේන ජාතිකයො ලංකාවට ඇවිත් සංචාරක කර්මාන්තය දියුණු වෙනවා නෙමෙයි අපිට ලැබිය යුතු බදු ආදායමත් අහිමිවෙනවා. මම අහන්න කැමතියි ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ලැබෙන ආදායම කීයක්ද කියලා.

හැබැයි ඒ එන මගීන්ට, සේවකයන්ට සියලු යටිතල පහසුකම් සපයන්න ඕන. වතුර ටික, විදුලිය, වැසිලිකිළි පහසුකම් අනික් සියලුම දේවල්  සපයන්නේ අපේ රටේ සේවකයන්ට පඩි ගෙවන්නේ අපේ රටේ ජනතාව ගෙවන බදුවලින්. මේක මහ ජාතික අපරාධයක්. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා මේ කරන්නෙ රට තවත් භයානක අනතුරකට හෙළිමක්.

වසංගත රෝග අංශය ඉතා පැහැදිළිව කියනවා යුක්රේන ගුවන් සේවක කණ්ඩායමකින් තමයි ‘කොරෝනා’ දෙවැනි රැල්ල ඇති වුණේ කියලා. සැප්තැම්බර් 11 වැනිදා “11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක්” ආවේ. මේ කොවිඞ් දෙවැනි රැල්ල “යුක්රේනියන් නයින් ඉළෙවන් (9/11) ප්‍රහාරයක්”. මෙයින් තමයි මේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වෙලා යන්නේ.

පසුගිය කාලය තුළ මගී ගුවන් යානා 45 ක් මත්තල ගුවන් තොටුපලට ඇවිත් තියෙනවා. සැප්තැම්බර් මස 21ක්, ඔක්තෝබර් මස 10 ක් සහ නොවැම්බර් මස 14 ක් වශයෙන් ඔක්කොම 45 ක් ඇවිත් තියෙනවා. නමුත් සත පහක ආදායමක් නෑ.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ස්මාගමට ගුවන් යානා එනකොට මගීන් එනකොට ලබා ගන්නා බද්ධ ඉවත් කළා. ඒ නිසා ගුවන් තොටුපල ශ ගුවන් සේසා ස්මාගම්ට ලැබිය යුතු විශාල ආදායමක් ලැබෙන්නේ නෑ. හමුදාව ගෙනල්ලා තමයි යුක්රේන ජාතිකයන් මුහුදු වෙරළේ නාවන්නේ. හමුදාවට පඩි ගෙවන්නේ අපේ රටේ සල්ලිවලින්.

විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන එද්දි සිදුවන ජාවාරම ජනාධිපතිතුමා වටේ ඉන්න ඥාතින් සහ යාළුවො පිරිසක් තමයි මෙහෙයවන්නේ. ඒක කවුරුත් දන්නවා.යුක්‍රේන සංචාරකයන් රැගෙන එන වැඩය කරන උදයංග වීරතුංග කියන්නේ ජනාධිපතිතුමාගේ ඥාතියා, හොඳම මිත්‍රයා. අපි නෙවෙයි කියන්නේ උදයංගමයි කියන්නේ.

අද මොකක්ද මේ වෙන්නේ, ගුවන්තොටුපළ භාවිතා කරනවාට අයකරණ බද්ධ මත්තල ගුවන්තොටුපලටයි රත්මලාන ගුවන් තොටුවලටයි නිදහස් කරනවා. බද්ධ ඉවත් කිරීමේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ 2020.10.01 සිට 2022.09.30 දක්වා කාලයකට . ඒ අනුව එක මගියකුගෙන් අය කරන ඩොලර් 60 අපේ රටට අහිමි වෙනවා.

උදයංග වීරතුංගම කියන විදියට යුක්රේන ජාතිකයන් 2,500 ක් ගෙන්නන්න යනවා. එතකොට රටට අහිමි වෙන බදු මුදල 2,500 වැඩි කිරීම ඩොලර් 60. ඒ කියන්නේ ඩොලර් 150,000 යි. ඒක වැඩි කරනවා රුපියල් 190 න් රුපියල් දෙකෝටි අසූපන්ලක්‍ෂයක් අපිට අහිමිවෙනවා. ඒ මගියාගෙන් අයකරන බද්ධ විතරයි.

ඒ විතරක් නෙවෙයි මත්තලටයි රත්මලානටයි පැමිණෙන ගුවන් යානා වලට “ලෑන්ඩින් ඇන්ඞ් පාර්කින් චාර්ජ්” එකත් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නෙ අපි මත්තලටයි රත්මලානටයි ගුවන්යානා ලෑන්ඞ් කරන කොට අය කරන බද්ධත් සම්පූර්ණයෙන් නිදහස් කරනවා අවුරුද්දක කාලයක් සඳහා. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා මේ නිවේදනය නිකුත් කරන්නේ 2020 සැප්තැම්බර් මාසෙ 8 සිට 2021 සැප්තැම්බර් මාසෙ 8 වැනිදා දක්වා. අවුරුද්දක කාලයක් මත්තලට සහ රත්මලානට එන ගුවන්යානාවලට ලෑන්ඩින් චාර්ජස් නෑ. පාර්කින් චාර්ජස් නෑ.

මේ කරපු දෙයින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට සත පහක ආදායමක් නෑ. මීට පැයකට කළිනුත් යුක්රේන ජාතිකයන් 185 ක් රැගත් ගුවන් යානයක් ලංකාවට ගොඩ බෑවා. සත පහක ආදායමක් නෑ. රජයට අයත් සමාගමකට අය විය යුතු බදු ඉවත් කරල සහන අරන් දෙන්නේ කාටද? මේවාට වගකිව යුතු පුද්ගලයො කවුද? ගුවන් යානා නොපැමිණීම නිසා අමාරුවේ වැටිලා ඉන්න ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම නැමැති රජයේ සමාගම අයාලේ යන්න දීල රොත්ත පිටින් බලාගෙන ඉන්නවා.”

(ලංකා ලීඩ් පාර්ලිමේන්තු වාර්තා කරු)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More