දේශීය පුවත්

කිරිපිටි මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව හෙට (05) සිට නිෂ්පාදනය කරන සියලුම කිරිපිටි සඳහා මෙම මිල ඉහළ දැමීම බලපානු ඇත.

ළදරු කිරිපිටිවල මිල ගණන් කිසිදු වෙනසක් සිදු වන්නේ නැත.

කිරිපිටි වර්ගවල මිල ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇත.

කිරිපිටි මිල 2015 වසරේ සිට වැඩි කර නොමැති අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් කිරිපිටි සමාගම් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

කෙසේවෙතත් සමාගම් ඉල්ලා සිටි මිලට වඩා අඩු මිලකින් කිරිපිටි මිල වැඩිකිරිමට ඊයේ (03) රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

කිරිපිටි මිල වැඩිකිරිමට අදාළ ගැසට් නිවේදනය අද (04) පස්වරුවේ නිකුත් කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More