ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (06) දින සිදු වූ අතර ද්වීපාර්ශවීය සබඳතා පිළිබඳව සහ දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවයන් පිළිබඳව ද දෙපාර්ශවය එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුදකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “මෝදී” ගම්මානය පිළිබඳව ද සිහිපත් කර තිබෙන අතර “සුව සැරිය” උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවේ ස්තූතිය පළකර ඇත.
මේ අතර ඉන්දියාවේ නිළ සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක් ද කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...