දේශීය පුවත්

විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මගින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) දින තීරණය වී තිබේ.

එලෙස බදු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02ක් තුළ කාරක සභාවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

අයකර ගත හැකි බදු කඩිනමින් අයකර ගැනීමට පියවර ගතයුතු බවත්, එමගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවිය හැකි බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කාරක සභාවේදී කීවේය.

දේශීය ආදායම් නඩු රැසක් අධිකරණවල ගොඩගැසී ඇති බවත්, ඒවා කඩිනමින් විසඳීම සඳහා අධිකරණ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ජා විය.

හිඟ බදු නීතිය කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්. එම්. සී. බණ්ඩාර මහතා කාරක සභාවේදී මතුකළ අතර, ඊට අදාළ යෝජනා වහාම ලබා දෙන මෙන් සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු හා දඩ මුදල් පිළිබඳ විශේෂ විගණන වාර්තාව එම කාරක සභා රැස්වීමේදී සාකච්ජා විය.

(දෙරණ පුවතක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More